gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"උබ දන්නේ නෑ මම කවුද කියල හරි, මම රාජපක්ෂ.." - පුත්තලම පොලිස් ලොක්කාගේ අශෝභන හැසිරීම නිසා ගමක් කැලඹෙයි (VIDEO)

රකින්න ඕන මිනිස්සු නීතිය විනාශ කරනකොට ඒ ගැන තව මොනවා කතා කරන්නද..?

මේ කියන්න යන්නේ අන්න එ වගේ කතාවක්.. මේ කතාව ඇහෙන්නේ පුත්තලම, උඩප්පුව ප්‍රදේශයෙන්.. 

පුත්තලම උඩප්පුව පොලිසියේ නිලධාරියෙකු සිදුකළ පහරදීමකින් ප්‍රදේශවාසීන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා..

පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 9.30ට පමණ ඇතිවූ මේ ගැටුම ඇතිවුණේ, උඩප්පුව පොලීසියේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරයි..

ස්ථානාධිපතිවරයා මෙම පහරදීම සිදුකරන්නේ අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ සිද්ධියක් මුල් කරගෙනයි..

එහිදී පහරදීමට ලක්වූ පුද්ගලයෙක් ඒ ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා,

"හෙඩ් ලයිට් ගහගෙන කාර් එකක් ආවා. VIP ලයිටුත් දාගෙන ආවේ. පොලීසියේ අය කාර් එකේ ආවේ. මමයි තව කට්ටියක් හිටියා. අපි කිව්වා හෙඩ් ලයිට් ගහගෙන එන්න එපා ඩිම් කරගන්න කියලා. එතකොට අපිට සද්දෙ දාලා ගියා. මම මාළු වාඩියට ගියා. පොලිසියේ දෙන්නෙක් ආවා. එයාලා උඩප්පු පොලීසියේ අය. එක්කෙනක් මගේ කනට ගැහුවා.පපුවටත් ගැහුවා. මම ඇදගෙන වැටුණා. මොකටද ගහන්නේ කියලා ඇහුවාම අපිට පරුෂ වචනයෙන් බැන්නා."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka