gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇල්ල හෝටල් ව්‍යාපාරික පුළුස්සා මරාදැමීමට සැකපිට අනියම් පෙම්වතියගේ සැමියා අත්අඩංගුවට!

ඇල්ල ඌව­ක­ර­ඳ­ගොල්ල 11කණුව ප්‍රදේ­ශයේ සංචා­රක හෝට­ල­යක හිමි­ක­රු­වකු වන පොලිස් සැර­ය­න්ව­රි­ය­කගේ සැමි­යෙකු පිළිස්සී මිය­යාම ඝාත­න­යක් බව හෙළිව තිබේ.

ඒ අනුව එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඔහුගේ ළඟින්ම සිටි හොඳම මිතුරා යැයි කියන 45 හැවි­රිදි තිදරු පියකු සැක­පිට ඊයේ (20) අත්අ­ඩං­ගු­වට ගත් බව ඇල්ල පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඇල්ල ඌව­ක­ර­ඳ­ගොල්ල ප්‍රදේ­ශයේ පදිංචි 45 හැවි­රිදි තිදරු පියෙකු යැයි පොලි­සිය කියයි.

සැක­ක­රුගේ බිරිය සමඟ මෙම සංචා­රක හෝටල් හිමි­කරු අනි­යම් සබ­ඳ­තා­වක් පවත්වා ගෙන ගොස් ඇත. එම සබ­ඳ­තාව මෙම සැක­ක­රුට දැන­ග­න්නට ලැබී­මත් සමඟ එයට පලි­ගැ­නී­මක් වශ­යෙන් මෙම හෝටල් හිමි­ක­රුගේ සිරු­රට පෙට්‍රල් දමා ගිනි­තබා ඇති බව පොලි­සිය කියයි. අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු සැක­කරු පොලි­සි­යට සිදු කළ පාපො­ච්චා­ර­ණ­යේදී ද ඒ බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති බව පොලි­සිය පැව­සීය.

ඇල්ල ඌව­ක­ර­ඳ­ගොල්ල 11 කණුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි සංචා­රක හෝටල් හිමි­ක­රු­වකු වන ගාමිණි ජය­සිංහ (46) නමැති තිදරු පියෙකු මෙසේ පිළි­ස්සුම් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගිය 12 වන­දින මිය ගොස් තිබුණි.

මොහුගේ බිරිය පොලිස් සැර­ය­න්ව­රි­යක බවත් ඇය සිය දිය­ණි­යන් තිදෙ­නාගේ අධ්‍යා­පන කට­යුතු සඳහා දිය­ණි­යන් තිදෙනා සමඟ බණ්ඩා­ර­වෙල ප්‍රදේ­ශයේ කුලී නිව­සක නතර වී සිට ඇති බවත් පොලි­සිය කීය.

මෙම සැක­කරු සහ හෝටල් හිමි­කරු කාල­යක් තිස්සේ හොඳම යාළු­වන් ලෙස එකට මත්පැන් පානය කර­මින් කෑම කමින්, එකට ගමන් බිමන් යමින් හොඳම මිතු­රන් ලෙස කල් ගෙව­මින් සිට ඇතැයි පොලි­සිය පැව­සීය .

මෙම සැක­කරු වැල්ල­වාය බණ්ඩා­ර­වෙල පෞද්ග­ලික බස්ර­ථ­යක රියැ­දු­රකු ලෙස කාල­යක් සේවය කර ඉන් ඉවත් වී දැනට කුලී වැඩ කර­මින් ජීවත් වන බව පොලි­සිය කියයි. මෙම හෝටල් හිමි­කරු සැක­ක­රුගේ 43 හැවි­රිදි බිරිය සමඟ අනි­යම් සබ­ඳ­තා­වක් පවත්වා ගෙන ගොස් ඇති බවත් පොලි­සිය පව­සයි.

මෙම සබ­ද­තාව සැක­ක­රුට දැන­ග­න්නට ලැබී­මෙන් පසු එය නවතා දමන ලෙසට කිහි­ප­ව­රක් සැක­කරු සිය හොඳම මිතුරා වන හෝටල් හිමි­ක­රුට පවසා ඇතත් හෝටල් හිමි­කරු එය නොතකා දිගින් දිග­ටම සම්බ­න්ධය පවත්වා ගෙන ගොස් ඇතැයි පොලි­සිය කීය.

මේ අත­ර­තුරේ ඉකුත් 6 වන දින රාත්‍රි හෝටල් හිමි­කරු බණ්ඩා­ර­වෙ­ලට ගොස් බිරිය මුණ­ගැසී මළ­ගෙ­ද­ර­කට යාම­ටත්, බදුල්ලේ යාම­ටත් ඇති බව පවසා පැමිණ යළි රාත්‍රී 9.30ට පමණ ඇල්ල ඌව කර­ඳ­ගොල්ල සංචා­රක හෝට­ලය පිහිටි ඒ අසල නිව­සට පැමිණ රාත්‍රී නින්දට ගොස් ඇති අතර, ඒ අත­ර­තුරේ පෙට්‍රල් කෑන­යක් රැගෙන නිවසේ සැගවී සිටි සැක­කරු නිදා­ගෙන සිටි හෝටල් හිමි­කරු ගේ සිරු­රට එය වත්කර ගිනි­තැබූ බවට තොර­තුරු අනා­ව­ර­ණය විනැයි පොලි­සිය සඳ­හන් කළේය.

මෙහිදී සැක­ක­රුගේ ද කකුල් දෙක, අත් පා මුහුණ පිළිස්සී ඇත. එම අව­ස්ථාවේ ඔහු එම නිව­සින් පලා ගොස් රාවණා ඇල්ල රක්ෂි­තයේ සැඟවී සිට ගෙන ගිය ඇඳුම් මාරු­ක­ර­ගෙන කත­ර­ගම නුව­ර­එ­ළිය රාත්‍රී බස්ර­ථයේ නැඟී දෝව දික්අ­රා­වට පැමිණ ඇත. එතැන් සිට බදුල්ල සිට කොළඹ බලා ගමන් ගත් බස්ර­ථ­යක නැඟ හපු­තලේ නග­ර­යට ගොස් හපු­තලේ සිට ඉද­ල්ග­ස්හින්න දුම්රිය ස්ථාන­යට පාග­ම­නින් ගොස් පසුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාව­නය වූ උඩ­රට මැණිකේ දුම්රියේ නැඟී නාව­ල­පි­ටි­යට ගොස් බිරි­යගේ නැග­ණි­යගේ නිව­සට ගොස් ඇති බවත් පොලි­සිය පැව­සීය.

නාව­ල­පි­ටිය ප්‍රදේ­ශයේ ලඳු කැළෑ­වක සැඟවී දින කීප­යක් පිළි­ස්සුම් තුවාල සහි­තව කල් ගෙවූ මොහුට බිරි­යගේ නැග­ණිය විසින් බේත් ගෙනැ­විත් දී ඇතැයි කීය.

මොහු ඇද සිටි පිළිස්සී ගිය ඇඳුම් දුම්රියේ එන අත­ර­තුරේ අතර මගදී විසි­කර දමා ඇතැයි පොලි­සිය පව­සයි.

සැක­කරු මිය­ගිය හොඳම මිතුරා වන හෝටල් හිමි­ක­රුගේ මර­ණ­යට සහ­භාගි නොවීම නිසා­වෙන් සැක­සිතූ ඇල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේ­ගු­ණ­ව­ර්ධන, පොලිස් පරි­ක්ෂක එච්.පී. පාලිත යන මහ­ත්ව­රුන් ඇතුළු නිල­ධා­රීන් මේ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කට­යුතු සිදු කර සැක­කරු සති­ය­කට පමණ පසුව ඔහුගේ ඇල්ල ඌව කර­ද­ගොල්ල නිව­සට පැමිණ සිටි­යදී මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය සඳ­හන් කළේය.

ඔහු­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී මෙම ඝාත­නය පිළි­බ­ඳව තොර­තුරු අනා­ව­ර­ණය විනැයි පොලි­සිය පව­සයි.

බණ්ඩා­ර­වෙල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් සෙනෙ­වි­රත්න වීර­සිංහ මහතා සිද්ධිය වූ ස්ථාන­යට ගොස් මහේ­ස්ත්‍රාත් පරි­ක්ෂ­ණය සිදු කළ අතර, බදුල්ල වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් සුජී­වන ද සිල්වා මහතා මළ­සි­රුර තිබූ බදුල්ල ශික්ෂණ රෝහ­ලට ගොස් මහේ­ස්ත්‍රාත් පරි­ක්ෂ­ණය සිදු කළහ.

බදුල්ල මහ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රීනි ඩබ්ලිව්.ඒ.සී. ලක්මාලි මහ­ත්මිය පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කළ අතර, අධික පිළි­ස්සුම් තුවාල හේතු­වෙන් ඇති වූ සංකු­ලතා මත මෙම මර­ණය සිදු ව ඇති බවට එම වෛද්‍ය වාර්තා­වෙන් අනා­ව­ර­ණය විය.

බණ්ඩා­ර­වෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ප්‍රදීප් කළු­ප­හන පොලිස් අධි­කාරි ඩී.බී.එච්. කළ­ණ­සිරි සහ­කාර පොලිස් අධි­කාරි iv රුවන් ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත ඇල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේ­ගු­ණ­ව­ර්ධන, අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරි­ක්ෂක එච්.පී.පාලිත, පොලිස් සැර­යන් (56360) රංජිත්, (73637) රත්නා­යක , (76826) ඇහැ­ලි­ය­ගොඩ, (15666) රණ­තුංග, කා.පො.සැ (3276) රසිකා, (10123) ප්‍රියං­ගනී යන මහ­ත්මින් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.
(සී. ගමගේ - සොර­ණා­තොට)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka