gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරට තරුණයින් පිරිසකගේ කොරියන් සිහිනය බොඳ වෙයි... ගුවන් තොටුපලේදී උණුසුම් තත්ත්වයක්!

කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා වෙන්කරවාගෙන තිබූ ශ්‍රීලන්කන් ගුවන යානයක් ප්‍රමාද වී අවලංගු කිරීම නිසා ඔවුන්ට රැකියා සිහිනය බොඳ වී නැවත නිවෙස් බලා යාමට පෙරේදා (19) රාත්‍රියේ සිදුවූ පුවතක් වාර්තා වනවා.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මැදිහත්වීම මත මෙම ශ්‍රමිකයන් සියදෙනා කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටියේ පෙරේදා (19) රාත්‍රියේ බවයි වාර්තා වන්නේ.

හදිසියේම ගුවන් යානය ප්‍රමාදවීමත් සමග ගුවන් තොටුපොළේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අවසානයේ ගුවන් යානය අවලංගුවීම හේතුවෙන් සියලුදෙනා නැවත හැරී ගොස් ඇත.

කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත්තේ, නියමිත වේලාවට මෙම පිරිස යැවීමට නොහැකි වූ නිසා ලබන 3 වැනිදා වනතුරු මෙම කණ්ඩයම කොරියාවට නොඑවන ලෙසයි.

එම සියදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හයදෙනෙකුට නැවත කොරියාවට යාමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එම පිරිසට ඒ වන විට නියමිත වයස ඉක්මවා තිබීම හේතුව විය හැකි බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉකුත් වසරේ ජුනි 20 වැනිදා යූ.එල්. 470 ගුවන් යානය පැය 12ක් ප්‍රමාද වීම නිසා කොරියාවට ශ්‍රමිකයන් යැවීමේ බරපතළ ගැටලුවක් උද්ගත වුණා.

නියමිත දිනයට පැමිණීමට නොහැකිවීම නිසා 800 වන කණ්ඩායම පසුදින භාරගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා.

පසුගිය වසරේ මැයි 23දාත් කොරියාවට ශ්‍රමිකයන් රැගෙන යාමට තිබූ ගුවන් යානයක් ප්‍රමාද වීම නිසා ශ්‍රී ලාංකිකයන් කොරියාවට භාරගැනීමට ප්‍රතික්ෂේප කළ සිදුවීමක් වාර්තා විය.

අවසානයේ එම පිරිස ජුනි 4 වන දින කොරියාව බලායාමට සූදානම් කළද එදිනද ගුවන් යානය පැය දෙකක් ප්‍රමාද විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka