gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැඳපු මනුස්සයෙක් ආයෙ බඳින එක ප්‍රශ්නයක් නෙවෙයි නේ... කාවින්ද්‍යා සැමියා ගැන ඇත්ත හෙළි කරයි

කවී කියන්නෙ අපේ කලා ලෝකයේ ඉන්න දක්ෂ ශිල්පිනියක් වගේම හරිම අහිංසක ආදරණීය චරිතයක්.
ඇය අතුල සමිතා යුවලගේ දියණිය බව කවුරුත් දන්නවා. කාවින්ද්‍යා මෑතක දී යුග දිවියට පත් වූ බවත් නොදන්නා කෙනෙක් නැති තරම්.

ඉතින් මේ ළඟදි දවසක ඇය සිය සැමියා දනිඳු සමග රූපවාහිනී වැඩසටහනකට ආවා. ඒ වෙලාවේ කවී එයාලගේ ආදර කතාවේ මුල් කාලය ගැන කිව්වා.

” මට සාමාන්‍යයෙන් මීට කලින් රිලේශන්ශිප්ස් තිබිලා තියෙනවානේ. ඒවායෙ දී කවද හරි බඳිමු, ළමයි හදමු කියලා කතා වුණ තැන් තිබුණා. නමුත් මට මෙයත් එක්ක යාළු වුණ ගමන් මට මෙයා බඳින්න ඕන කියලා හිතුණා. මම මෙයාට ආදරේ ප්‍රකාශ කළා මුලින්ම. ඊට පස්සේ මෙයා මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කිව්වා. මම ඊට පස්සේ හිතුවා මෙයා මේ කලින් බැඳලා ඉන්න කෙනෙක්ද දන්නෑ. මොකක් හරි ප්‍රශ්නයක් නිසා ද මෙහෙම කියන්නෙ දන්නෙ නෑ කියල. මං හිතා ගත්තා නෑ කමක් නෑ කියලා මං විස්තර අම්මටත් කිව්වා. කමක් නෑ බැඳලා හිටියට කමක් නෑ. ඉතින් බැඳපු මනුස්සයෙක් ආයෙ බඳින එක ප්‍රශ්නයක් නෙවෙයි නේ. හරි අම්මා .. එහෙම දෙයක් නම් මං ඒකත් එයත් එක්ක කතා කර ගන්නම් කියලා එහෙම හිතාගෙන හිටියා .

ඊට පස්සේ අම්මා කිව්වා බබා එයාව එච්චර ප්‍රෙෂර් කරන්න එපා කියලා. මං කිව්වා ඉතින් මට එයාව බඳින්න ඕනේ කියලා. ඔයා ප්‍රෙෂර් කරන්න එපා. එයා මොනවද කියන්නේ බලන්නකෝ කියලා අම්මා කිව්වා. මොකද මෙයාත් ටිකක් කල් ඕනේ, මට කතා කරන්න ඕනෙ, ඔහොම ඔහොම ..කිව්වා.

මොකද ඒ කියන්නේ පිටින් මං ගැන මෙයාට එන ඉමේජ් එක වෙනස්නේ. ආ …මෙයා මෙහෙමයි. අතුල සමිතගෙ දුවනේ. ඒ විදිහට එක එක කතන්දර තියෙනවා. මෙයා මාත් එක්ක යාළු වුණා කියල දැනගත්ත කාලේ ඉඳලා ඒ වගේ කතන්දර මෙයාගේ කණට අනන්තවත් ඇහිලා තියෙනවා. නමුත් මෙයා අර එහෙමද ආ හරි කියලා ඉන්න කෙනෙක්. ඒ වුණා ට මෙයත් බලන්න ඇති ඔය මොනවා වුණත් මිනිස්සු කියන කතානෙ. මෙයා ටිකක් ශේප් එකේ ඉඳලා කොහොමද, මම රියැක්ට් කරන්නේ සමහර දේවල්වලට, එතකොට මම ජීවිතය දකින විදිහ ගැන එහෙම එයාට මාත් එක්ක කතා කරලා පොඩ්ඩක් බලන්න ඕන වෙලා තිබුණා වෙන්නැති .”
ඔන්න කවී ඒ ගැන කිව්වෙ එහෙමයි.

ඒක හරිම අව්‍යාජ ,විවෘත ප්‍රකාශයක් කියලා හැඟෙන තරමට අපිට දැනෙනවා.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka