gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පොඩි කාලේ මට තේරුමක් තිබුණෙ නැහැ.කට්ටිය හිතුවේ වේග රිද්මයේ ගීත විතරයි මට පුළුවන් කියලා” – ආක්ෂා

පුංචි කාලෙ ඉඳන්ම ගීත ගායනයට දක්ෂතා දක්වපු ඇය ආදරණීය ගායිකා ආක්ෂා චමුදි.ඇය ගැන කතා කරද්දි රෑ දවල් වැනි වේග රිද්මයේ ගීත ගායනා කරන ළමා ගායිකාවක් විදිහට තමයි බොහෝ දෙනෙක් කෑව හඳුනා ගන්නේ.

රියලිටි වැඩසටහනක ජනප්‍රියම තාරකාව විදියට අභිෂේක ලබන ආක්ෂා අද ලංකාවේ ඉන්න ළමා ගායිකාවන් අතර අතිශයින් ජනප්‍රිය ගායිකාවක්.පසුගිය දවසක ඇය එක්තරා ගීත මේ වැඩසටහනකට සහභාගී වුණා.ඒ වැඩසටහනට සහභාගි වෙලා ඇය ගායනා කළේ වෙනදා ප්‍රසංග වේදිකාවේ ගායනා කරන වේග රිද්මයේ ගීත නෙවෙයි.

ඊට වඩා හාත්පසින්ම වෙනස් ලයාන් වෙත ගීත තමයි ඇය ගායනා කළේ.හැබැයි ඊට කලින් ආක්ෂට බොහෝ දෙනෙක්ගෙන් නරක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඇයට ගීත ගායනා කරන්න තේරුමක් නැහැ කියලා.පසුගිය දවසක සම්බන්ධ වෙච්චි වැඩසටහනකදී ඇය තමන්ට සියලුම අංශයේ ගීත ගායනා කරන්න පුළුවන් කියන දේ ඔප්පු කර පෙන්නුවා.ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මම පුංචි කාලයේ ඉඳලාම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒ වුණාට ඉස්සර හිටිය ආක්ෂා නෙවෙයි දැන් ඉන්නේ. ඒ කාලේ මම ගොඩක් පොඩියි. බොහෝ දේවල් ගැන තේරුමක් තිබුණේ නැහැ. මට ගොඩක් නරක ප්‍රතිචාර ලැබුණේ “රෑ දවල්, ගීතයේ, “Yodeling” කොටස ගායනා කළ නිසයි. සාමාන්‍යයෙන් වේදිකාවක අපි ගායනා කරන්නේ වේග රිද්ම ගීතනේ. වේදිකාවක ගීත ගයනවිට ඒ

ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේත් ඒ වගේ ගීත. ඒ නිසාම මට ගායනා කරන්න පුළුවන් වේග රිද්ම ගීත පමණයි කියලා සමාජ මාධ්‍යවල පළමුවන පෝස්ට් මම දැක්කා. ඉතින් මම හිතුවා මට ලයාන්විත ගීතත් ගායනා කරන්න පුළුවන් බව පෙන්නන්න ඕනේ කියලා. ඉතින් ඉස්සර මට නරක ප්‍රතිචාර ලබා දුන් පිරිසත් දැන් මට හොඳ ප්‍රතිචාර ලබා දෙනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka