gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතර පැත්තෙන්ම ඉරි තැලීමක්!

බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති  ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසට  පිපිරීම් දක්නට  ඇතැයි වාර්තා වේ.

පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව ඉල්ලීමක් කරති.

මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර ඇත.එය උසින් අඩි 400ක් ලෙස දැක්වේ. සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කර ගනිමිනි. මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි. 

මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා.මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකියි. මෙහි ඇති පිපිරිමි සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරනවා. මෙහි පමණක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවද පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka