gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරුගම්බේ හෝටලයකදී අනියම් බිරිඳ කපා මරා පුද්ගලයෙක් ගෙල වැලලාගනී!

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයකදී සිය අනියම් බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයකු එම හෝටල් කාමරයේම ගෙල වැලලාගෙන මියගොස් ඇත.

මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා (12 දා) දහවල් කාලයේදී බව පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. ඇගේ අනියම් සැමියා ද ඔලුවිල් ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි අයෙකි. මෙම යුවළ හෝටල් කාමරයේ නවාතැන් ගැනීමට පැමිණ ඇත්තේ පෙරේදා පෙරවරුවේය. එදින සවස් වන තුරුම මෙම යුවළගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති නිසා හෝටල් කළමනාකාරිත්වය ඒ පිළිබඳව ආරුගම්බේ පොලිස් මුරපළ වෙත දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හෝටල් කාර්ය මණ්ඩලය ද සමග දොර කඩා කාමරය විවෘත කර බලද්දී එහි ලේ විලක් මැද මියගොස් සිටි කාන්තාවගේ සිරුර හමුවී තිබේ.

ඊට යාබදව පිහිටි නාන කාමරයේ තිබී ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.

මෙම යුවළ අතර ඇති වූ ආරවුලක් මත පිරිමි පුද්ගලයා කාන්තාව කපා කොටා ඝාතනය කර ඔහු ද ගෙල වැලලාගෙන මියයන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka