gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දොස්තර මහත්තයා මාව ඇඳේ හාන්සි කරලා එපා තැනුයි ඕන තැනුයි හැම එකක්ම අතගාන්න පටන් ගත්තා..." - දොස්තරගේ කෙරුවාව එළියට

අඹු සැමි දෙදෙනාම දොස්තරලාය. විවාහ වී වසර කීපයක් ගතවුවද, ඔවුන්ට තවමත් දරු සම්පත් නොවීය. 

දොස්තර බිරිඳ සේවය කළේ නගරයේ ප්‍රධාන රෝහලකය. දොස්තර සැමියා ග්‍රාමීය ප්‍රදේශයේ ප්‍රාදේශීය රෝහලක ප්‍රධානියා ලෙස රාජකාරී කළේය. එම රෝහලේ සිටි එකම වෛද්‍යවරයාද ඔහුම පමණකි. එම ප්‍රාදේශීය රෝහලේ දොස්තර නිල නිවාසයේ ඔවුන් දෙදෙනා නතර වී සිටි අතර, බිරිඳ නගරයේ රෝහල වෙත තම මෝටර් රථයෙන් යෑම් ඊම් කළාය.

එක් දිනක් නගරයේ රෝහලේ බාහිර රෝගී අංශයේ දොස්තර බිරිඳ වෙත රූමත් කාන්තාවක් පැමිණ ඇයගේ උදරයේ යටි කොටසේ වේදනාවක් පිළිබඳ වෛද්‍යවරියට පැවසුවාය.

රෝගී කාන්තාවගේ විස්තර විමසූ දොස්තර බිරිඳ, ඇයගේ ගම් ප්‍රදේශය ගැන විමසුවාය. ඇය තම සැමියා සේවය කරන ප්‍රාදේශීය රෝහල පිහිටි ප්‍රදේශයේ ගමක පදිංචිකාරියක බව එහිදී දොස්තර බිරිඳ දැනගත්තාය.

‘‘ඔයා ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න ගියේ නැද්ද”‍ යැයි වෛද්‍යවරිය විමසුවාය.

‘‘අපෝ මැඩම්, ඒකෙ ඉන්නේ දොස්තර මහත්තයෙක් නෙවෙයි අනංගයෙක්නේ. මාව ඇඳේ හාන්සි කරලා එපා තැනුයි ඕන තැනුයි හැම එකක්ම අතගාන්න පටන් ගත්තනේ. ආයෙත් නම් පැත්ත පළාතේ යන්නේ නෑ මම”‍ යැයි රෝගී කාන්තාව පැවසූ විට දොස්තර බිරිඳට හීන් දාඩිය දැම්මාය.ඇය කිසිවක් නොසඟවා, රෝගී කතට බෙහෙත් තුණ්ඩුව ලියා පිටත් කර හැරියාය.

එතැන් පටන් දොස්තර බිරිඳ හමුවට පැමිණෙන රෝගී කාන්තාවන්ගෙන් ගම් ප්‍රදේශය විමසා, එම ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය රෝහලට නොගියේ මන්දැයි ඇසීමට ඇය පුරුදුව සිටියාය.

එහිදී ඇයට ලැබුණු පිළිතුර වූයේ, එහි සේවය කරන දොස්තර මහතා, ඇහැට කනට පේන කාන්තාවන්ට දැඩි ළෙන්ගතුකමක් පාමින්, සීමාව ඉක්මවා කටයුතු කිරීමට සැරසෙන බවය.

මේ කතාවලින් පස්සේ, දොස්තර බිරිඳ යක්සාරූඪ වූවාය. ඇය තම සැමියා එම රෝහලෙන් මාරුකර යැවීමට හැකි තරම් උත්සහ දැරුවාය. එහෙත් ඇයගේ උත්සාහය අසාර්ථක විය.

කෙසේ වුවද දැන් දැන් ප්‍රාදේශීය රෝහලේ දොස්තර බංගලාව ඇතුළේ ඉඳහිට රණ්ඩු සරුවල් සිදුවන බව බෙහෙත් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට දැනගැනීමට ලැබී ඇති බව ආරංචි යි.
උපුටා ගැනීම- [දෙයියෝ සාක්කි]
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka