ඒ දෙන්නා උත්සාහ කරන්න ඇත්තේ නීතියෙන් බේරිලා මේක දිගටම කරගෙන යන්න..
ඒත් ඒ හිතපු හැම දෙයක්ම වැරදිලා..
දැන හෝ නොදැන ඔහු කළ වැරැද්දට අවසානයේ බිළි වෙලා තියෙන්නේ ඇයයි.. ඔහු පෙම්වතියත් එක්ක කරලා තියෙන්නේ පුදුම හිතෙන වැඩක්.. මේ ඒ ගැන කතාව..
පෙම්වතා සමඟ යතුරු පැදියකින් මත් කුඩු බෙදා හරිමින් සිටියදී පොලිසියට හසුවී තරුණිය හැරදමා පෙම්වතා පලා යාමේ පුවතක් මාදම්පේ පොලීසියෙන් වාර්තා වෙනවා..
මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ විලත්වව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්..
මෙම තරුණිය තම පෙම්වතා සමඟ කලක සිට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක යෙදී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ...








