gossip lanka

"මට තවම ශෝස්වලට යන්න නම් බෑ..." - ආදරේ අරන් වේදිකාවට ආව හදවතේ ගායකයා කියූ සංවේදී කතාව

චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ සියලුම දෙනා ආදරය කරන හදවතේ ගායකයා.

කොයි තරම් ප්‍රේක්ෂක ආදරය ලැබුණත් නිහතමානීව ඒ සියලුම දේ පිළිගන්නා ඔහුට ඇත්තටම ගායකයෙක් විදිහට ඔහු අද ඉන්න තත්ත්වය පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්.

චාමර ගැන කතා කරද්දි පසුගිය දවසක ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ චාමර හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කිරීම නිසයි.

ඔහු ටික කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා තවමත් ප්‍රතිකාර ලබන ගමන්.

ඔහු ලබන රසික ආදරය ආකර්ෂණය කොතෙක් ද යන්න ගැන ඊයේ රාත්‍රියත් සාක්ෂි දරනවා ඇති.

ස්ලිම් කැන්ටා (2024 SLIM KANTAR) ජනතා සම්මාන උළලේදී වසරේ හොඳම ගායකයා සම්මානයට ඔහු හිමිකම් කිව්වා.

තමන් වෙනුවෙන් ලැබෙන මේ අසීමිත වූ ගෞරවණීය ආදරයට පෙරළා ගෞරව කරන්නත් ඔහු අමතක කළේ නෑ.

”හිටපු විදියට නම් දැන් ගොඩක් සනීපයි. ඒත් මට තවම ශෝස්වලට යන්න නම් බෑ තව මාස හතරක් පහක් විතර යනකල් රෙස්ට් කරන්න කියලා තියෙනවා. පොඩ්ඩක් සද්දෙ අඩුවෙන් කතා කරන්න කියලා තියෙනවා. ඒක තමයි තියෙන්නෙ. නැත්නම් දැන් හිටපු විදියත් එක්ක සුවයි දැන්. ඇත්තටම ඉතින් මේ සුව වෙන්න අපේ රටේ රසික රසිකාවියෝ ,අපේ ස්වාමීන් වහන්සේලා ,මගෙ පවුලෙ උදවිය හැමෝම බෝධි පූජා නොයෙකුත් පූජා කළා මට සුව වෙන්න කියලා ,ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා ඒ අය සියලුදෙනාටම ස්තුති කරන්න. ඇත්තටම මට 2017 ඉඳලා ස්ලිම් එකේ සම්මාන තියෙනවා. මෙදා පාරත් නොමිනේට් වෙච්ච එකට මට ගොඩක් සතුටුයි. රසිකයින්ගෙ ආදරය නිසා තමයි මම මේ තැන ඉන්නෙ අද. ඒ සියලුදෙනාටම ආදරෙයි…”
gossip lanka