gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතාබහ දුරදිග ගොස් පුතාගේ උදරය චේන්සෝවකින් කැපූ බාප්පා රිමාන්ඩ්! රෝගියා බේරාගන්න පැය 5ක ශල්‍යකර්මයක්!

පාදුක්ක, මලගල ප්‍රදේශයේදී ඥාති පුත්‍රයාගේ බඩ ප්‍රදේශය චේන්සෝ යන්ත්‍රයකින් (ගස් කපන) කපා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බාප්පා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (05 දා) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

අදාළ සිද්ධියේදී බරපතළ කැපුම් තුවාල ලැබූ 31 හැවිරිදි පුද්ගලයාගේ දකුණු අතේ ඇඟිලි දෙකක්ද අහිමි වී ඇතැයි පොලිසිය කියයි.

ඔහුගේ බඩ ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් හෝමාගම රෝහලේදී පැය 5ක ශල්‍ය කර්මයක්ද සිදුකර තිබේ. බඩ ප්‍රදේශයට මැහුම් 100ක් පමණ දමා ඇතැයිද පැවසේ.

චේන්සෝ යන්ත්‍රයෙන් අදාළ අපරාධය සිදුකළ 45 හැවිරිදි පුද්ගලයාට ප්‍රදේශවාසීන් විසින් පහරදී පසුව පොලිසියට භාරදී තිබිණ. ඔහු පොලිසියට භාරදෙන අවස්ථාවේ බීමතින් සිටි බවද පොලිසිය කියයි. පෞද්ගලික කතාබහක් දුරදිග යෑමෙන් චේන්සෝ යන්ත්‍රය බාප්පා විසින් ඥාති පුත්‍රයාට අල්ලා ඇතැයි හෙළිවී ඇත. රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු ගමේ පුද්ගලයන් සමග නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා අයකු බවත්, ඔහුට එරෙහිව ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිළි කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka