gossip lanka

ආරවුලක් දුර දිග ගිහින් ගුරුවරියකගේ කකුල් දෙකම කපා දමයි

බුස්ස මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගුරුවරියක් වූ තම බිරිඳගේ කකුල් දෙකම ඊයේ (16) සවස කපා දමා ඇත.

ගාලු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ පවුල් ආරවුලක් මත සැමියා මෙම අපරාධය කර ඇති බවයි.

බරපතල තුවාල ලැබු 34 හැවිරිදි ගුරුවරිය කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් ඇය දොඩන්දුව ප්‍රදේශයේ පාසල ගුරුවරියක් බවත් පොලිසිය පවසයි.

කකුල් කැපිමෙන් පසු ඔහු නිවසේ තිබු යතුරු පැදිය සහ ජංගම දුරකථනයද රැගෙන පලාගොස් තිබේ.

සැකකරු යුධ හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකුල නොවන ආකාරයට ඉවත්වි ඇති අයෙකු බවටද ඔහු රත්ගම ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදෙන බවටද අනාවරණයවි ඇතැයිදි පොලිසිය පවසයි.
gossip lanka