gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රසිද්ධ සමාගමේ අයිස්ක්‍රීම් කප් එක ඇතුලේ ගෙම්බෙක් හමු වෙයි – සමාගමට නඩු පවරයි

යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි මුරුගන් කෝවිල අසල වෙළද සැලකින් ලබාගත් අයිස් ක්‍රීම් කප් එකක මියගිය ගෙම්බෙකු සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාරිභෝගිකයා යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙරේදා  (15) පැමිණිලි කර තිබෙනවා.

මේ දිනවල එම කෝවිලේ විශේෂ පූජාවන් පැවැත්වෙන අතර එම පූජාවක් සදහා පැමිණි බැතිමතෙකු මිලට ගත් අයිස්ක්‍රීම් කප් එකක මෙම මියගිය ගෙම්බා සිට ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ වෙළදසැලේ අයිතිකරුට ඒ පිළිබඳව දැන් වූ පාරිභෝගිකයා ඔහු ඉදිරියේ ඡායාරූප ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ලිපියක්ද ලබා ගෙන යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හමුවීමට ගොස් ඔවුන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.

පාරිභෝගිකයාගේ පමිණිල්ල සටහන් කරගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ වෙළදසැල වෙත පැමිණ එම වෙළදසැලේ තිබූ එම වර්ගයේ සියළුම අයිස්ක්‍රීම් තොග සිය භාරයට ගෙන ඇති අතර අදාළ අයිස්ක්‍රීම් නිෂ්පාදන සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka