gossip lanka

“මම නේහා දන්තනාරායන – මගේ කතාව හරියටම කියන්න ඉක්මනටම මම ඔයාලගෙ ගෙදරට එනවා” – ශලනිගෙන් අලුත් බලාපොරොත්තුවක්!

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ශලනි තාරකා කියන්නේ ඒ විදියට සැරින් සැරේ කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්.

ශලනි සිය මුහුණුපොතේ හරි අපූරු ජායාරූප කිහිපයක් සමගින් සටහනක් එකතු කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

මම නේහා

මම තරුවක්.

හරියටම කිව්වොත් දැන් මේ අහසේ දිදුලනම තරුව මම.

හැමෝම හිතන්නේ මං ඇවිල්ලා ඉන්නේ හැමෝටම එන්න ලේසි ගමනක් කියලා.

මෙතනට එන්න පෙනුම විතරක් ඇති කියලා.

තරුවක් වෙන්න හැමෝටම බෑ.

කඩාවැටෙන තරුවක් නොවී අහසේ රැදෙන තරුවක් වෙන්න කොහොමටත් බෑ.

මේ මගේ කතාව.

*

මම නේහා දන්තනාරායන.

*

*

මගේ කතාව හරියටම කියන්න ඉක්මනටම මම ඔයාලගෙ ගෙදරට එනවා.

*

*

“see you” soon
gossip lanka