gossip lanka

සරත් ෆොන්සේකා, රෑට රෑට ඩයනාගේ ගෙදර දී මුණ ගැහෙන 'විශේෂ කෙනා' කවුද?: දේශපාලන වේදිකාව රත්කළ, ආන්දෝලනාත්මක හෙළිදරවුව මෙන්න

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා හොර රහසේ 'ජනපති' හා කතාබස් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක 'එස්. එම්. මරික්කාර්' චෝදනා නඟනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පක්ෂයේ 'අභ්‍යන්තර ගැටලු' අභ්‍යන්තරයේ ම විසඳා ගත යුතු බවයි.

'මටත් ආරංචියක් ආවා, ෆොන්සේකා මහත්තයා සභාපති ධුරයෙන් අයින් කරන්න එපා කියලා නඩු දාන්න යනවා කියලා. නඩු දානව නම් අපිට නෝටිස් එකක් දීලා යන්න....'

'මම දැක්කා, ඊයේ වෙබ් සයිට් එකක දාලා තියනවා, එතුමා රෑට රෑට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව හම්බෙනවලූ ඩයනා ගමගේලාගේ ගෙදර... ඩයනා ගමගේ-ගේ මහත්තයා ෆොන්සේකා මහත්තයාගේ හිටපු ලේකම්...'

'මේවා මහා කුප්ප වැඩ.. සමගි ජන බලවේගේ ඉන්නව නම් සමගි ජන බලවේගේ ඉන්න ඔිනි. රනිල් එක්ක ඉන්නව නම් ටටා බායි කියලා යන්න ඔිනි... පක්ෂයක් ඇතුළේ ප්‍රශ්න තියෙනවා. අපිටත් තියනවා. එළියට ගිහින් පුහු වීරයෝ වෙන්න කෑ ගහන්න වුවමනා නෑ.....'

'සරත් ෆොන්සේකා' සම්බන්ධ මෙම අර්බුදය ඇතිවූයේ මීට දින කිහිපයකට පෙර දී වන අතර, 'දයා ගමගේ' සමගි ජන බලවේගයට පැමිණීම 'සරත් ෆොන්සේකා'ගේ දැඩි කෝපයට හේතු වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් 'ෆොන්සේකා' මාධ්‍ය හමුවේ ද 'විවේචනය' කරන්නට යෙදුණු නමුත්, ඊට ප්‍රතිචාර වශයෙන් පක්ෂයේ 'මහ ලේකම්වරයා' පෙරළා ෆොන්සේකාට පහර දෙන අයුරු ද අපට නිරීක්ෂණය වුණා.

එසේම 'ෆොන්සේකා' වහා ඉවත් කරන ලෙස පක්ෂයේ 'ජ්‍යෙෂ්ඨයින්' බොහෝ පිරිසක් ඉල්ලීම් කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
gossip lanka