gossip lanka

සනත් නිශාන්තගේ අනතුර ගැන වෙනස්ම කතාවක් එළියට! 'තුන්වැනි වාහනයකුත්' ඇවිත් අතුරුදන් වෙලා! කන්ටේනර් රියදුරුත් තහවුරු කරයි

'අධිවේගයේ' සිදුවූ මාරක අනතුරකින් මිය ගිය 'සනත් නිශාන්ත' අමාත්‍යවරයාගේ 'මරණය' නැවත වතාවක් සමාජ මාධ්‍යයේ 'කසුකුසුවක්' ඇති කර තිබෙනවා.

අමාත්‍යවරයාගේ 'මරණය' සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ 'පාර්ශව' සැක සංකා මතු කරන බැව් ද රහසක් නොවේ.

'තිස්සකුට්ටි' මන්ත්‍රීවරයා පසුගිය දිනෙක 'මාධ්‍ය' හමුවේ අනාවරණය කළේ 'සනත් නිශාන්ත'ගේ මරණය 'ඝාතනයක්' වීමට ද ඉඩ කඩ පවතින බවයි.

එවන් තත්ත්වයක් තුළ සනත් නිශාන්තගේ 'රියදුරු' ද අත්අඩංගුවට පත් වන අතර, ඔහු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින්ගේ විශේෂ 'අවධානය' ද යොමු ව තිබෙනවා.

අමාත්‍යවරයාගේ වාහනය පැදවූ එම 'රියදුරු', වට්ස්ඇප් 'ස්ටේටස්' අතරට තම 'මරණය' ගැන එක් කළ පෝස්ටුවක් ඔහු ගැන සැකය තවත් 'ත්‍රීව' කර තිබුණා.

හෙළි වී ඇති ආකාරයට රථය අනතුරට ලක්වන විට එය පැයට 'කිලෝමීටර 140' වේගයෙන් ධාවනය වී තිබෙනවා. (අනතුරත් සමඟ වාහනයේ වේග මීටරය නැවතී ඇත්තේ ද 140කට ආසන්නයෙන්...)

මෙවැනි 'සැක සහිත තැන්' පිරික්සන පොලිස් නිලධාරින් 'රියදුරු'ගේ ප්‍රකාශයන් 'විශ්වාස කිරීමට අපහසු ඒවා' ලෙස සඳහන් කර තිබුණා.

මේ අතර, මෙම අනතුරට සම්බන්ධ 'තුන්වැනි වාහනයක්' ගැනද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වාහන දෙකේ ම 'රියදුරන්' තුන්වන වාහනයක් ගැන 'හෙළිදරවු' කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

'ඇමතිතුමා ගෙදර එන්න ඔිනිකමින් හිටියේ. ඉක්මණින් යමු කියලා කිවුවා...' යනුවෙන් රියදුරු ප්‍රභාත් එරංග පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

'කන්ටේනර්' රථයේ රියදුරු කියා ඇත්තේ, අනතුරට පත් 'ජීප් රථය' වාහනවල විදුලි පහන් දල්වා වෙනත් මෝටර් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කරන අයුරු තමන් දුටු බවයි.

ඒ අනුව 'වාහන දෙකම' අනතුරුදායක ලෙස ධාවනය කරන නිසා තමන් 'වාහනය' ද්විත්ව මංතීරු අධිවේගී මාර්ගයේ වම් පසට ගෙන ගිය බවයි ඔහු සඳහන් කරන්නෙ. (ඔවුන්ගේ තොරතුරු අනුව තුන්වන වාහනය ද කන්ටේනරයේ ගැටී නොගැටී ගොස් තිබෙනවා....)

මේ වන විට මෙම 'තුන්වන රථය' සම්බන්ධයෙන් 'සැක සංකා' මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන 'විමර්ශන' ආරම්භ කරන ලෙසට 'අධිවේගී මාර්ග පොලිසියට' ද දන්වා ඇති බැව් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
gossip lanka