gossip lanka

අරලියගහ මන්දිරයේ පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගනී!

අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ රාජකාරිය යොදවා සිටි පොලිස් කොස්තාපල් වරයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත.

කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හොරොවුපතාන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම නිලධාරියා පසුගිය තිස් වැනිදා සවස හයේ සිට නවය දක්වා ඇරළිගහ මන්දිරයේ අංක එක දරණ ගේට්ටුවේ මුරකුටියේ රාජකාරිය යොදවා සිටියදී ඔහු මෙසේ තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගැනීම සිදුකර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියක් කොස්තාපසවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ තම මව මීට මාස හයකට පෙර මියගිය බවත් මවගේ මරණින් පසු පියා ද අවස්ථා කිහිපයක් රෝගීව රෝහල් ගත කළ බවත්ය.

ඒ සමගම පවුලේ අගහිකතා පිළිබඳව සිය එක්කම සහෝදරයා සමග නිතර ආරවුල් ඇතිකර වන බවත් ඒ හේතුවෙන් ඇති වූ මානසික ආතතිය මත තමා විසින්ම වෙඩි තබා ගත් බවත් අදාළ ප්‍රකාශයේ සටහන් කර තිබේ.
gossip lanka