gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'තමුසේ බුරුවෙක් වගේ මෙතන දාලා, පො--යා! අනේ පලයන් නාකි ---යා! මං කවුද කියලා තව දවස් දෙකකින් බලාගන්න!': සුරූපී තරුණියක් මහමඟදි පොලිසියට දාපු පාට් එක මෙන්න

තමන් 'විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියක'ගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහර දුන් 31 හැවිරිදි කාන්තාවකගේ 'වීඩියෝවක්' මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

'ගන්දර' පොලිසියේ ත්‍රිරෝද රියකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් 'පොලිස් ස්ථානය' කරා පැමිණ සිටියෙදි සුඛෝපබෝගී මෝටර් රථයකින් පැමිණි මෙම කාන්තාව 'ත්‍රිරෝද රිය' අනතුරට ලක්කිරීමට උත්සාහ ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය අධික වේගයෙන් පැමිණ ඇති බැව් ද පොලිසිය සඳහන් කරනවා.

ඇය පොලිසියට පවසා ඇත්තෙ, ඇගේ මව කාන්තා නියෝජ්‍ය පෛාලිස්පතිවරියක් බවයි.

එපමණක් නොව මෙම කාන්තාව 'පොලිස් සැරයන්වරියකගේ' පපු ප්‍රදේශයට පවා වැළමිටෙන් පහර දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී තහවුරු වී ඇත්තෙ ඇගේ මව 'කාන්තා පොලිස් පරීක්ෂකවරියක් පමණක්' බවයි.

ඇය පළමු අවස්ථාවේ දී පොලිස් නිලධාරින්ට 'චෝදනා' නඟන අයුරු ද වීඩියෝවේ දැක ගත හැකියි.

'ඔයාලා පොලිසියේ නේද? ලැජ්ජ නැද්ද ඔහොම දාන්න... පොලිසියේ කෙනෙක් වෙලා දාපු විදිහ..? මගේ කැමරා එකේ ඔක්කොම තියනවා...'

නමුත් පොලිස් නිලධාරියා පවසන්නෙ තමන් 'මාර්ග නීති' අනුව 'සිග්නල් ලයිට්' දල්වමින් ක්‍රියා කෙරූ බවයි.

'මම සිග්නල් දාලා වාහනේ අයින් කළේ. කරුණාකරලා එන්න ගන්දර පොලිසියට...'

'තමුසේ බුරුවෙක් වගේ මෙතන දාලා, පො---යා! අනේ පලයන් නාකි ---යා! මං කවුද කියලා තව දවස් දෙකකින් බලාගන්න!' යනුවෙන් අදාළ තරුණිය 'පරුෂ වචන' කියන අයුරුද වීඩියෝවේ දැකගත හැකියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka