gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'සර් ඒකි එක්ක මගේ සම්බන්ධයක් තිබ්බා, මම ඒකිව ඉවරයක් කළේ හේතුවක් ඇතුව!' - මහා පාන්දර 4ට 'සුරංගිකා නදීශානි' ව එලොව යැවූ 'අනියම් ප්‍රේමවන්තයා' දුරකතනයෙන් පොලිසියට කරපු පාපොච්චාරණය!

'අනියම් සම්බන්ධතාවයක්' මත ඇති වූ ආරවුලකින් '38 හැවිරිදි දෙදරු මවක්' අවසන් ගමන් ගිය 'අවාසනාවන්ත පුවතක්' සූරියවැව ප්‍රදේශයෙන් පසුගිය දිනෙක වාර්තා වුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, බැද්දෙවැව බටහිර, පෝල්පහ ප්‍රදේශයේ පදිංචි හේවා සුදුහකුරුගේ සුරංගිකා නදීශානි නම් අයෙක්.

මිය ගිය කාන්තාව පමණක් සවස 4.30ට පමණ නිවසේ නිදාගෙන සිට ඇති අතර, එම අවස්ථාවේ නිවසට ඇතුළු වී ඇති පුද්ගලයෙක් මෙම 'සාහසික ඝාතනය' සිදු කර තිබුණා.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඈ හා 'අනියම් සම්බන්ධතාවයක්' පැවැත්වූ පුද්ගලයා මෙම 'ඝාතනය' සිදු කර ඇති බවයි.

සැකකාර පුද්ගලයා මෙම 'ඝාතනය' පිළිබඳව සූරියවැව පොලිසියට දුරකතන ඇමතුමක් දී 'පාපොච්චාරණයක්' සිදු කළ බැව් වාර්තා වනවා.

'අපි දෙන්නා අතර ප්‍රශ්න, ආරවුල් ගොඩක් තිබුණා. ඒකයි සර් මම ඒකිව මැරුවේ.......'

සැකකරු තවමත් 'අත්අඩංගුවට' ගෙන නොමැති අතර, 'විමර්ශන කටයුතු' ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාවගේ සිරුර 'පශ්චාත් මරණ පරීක්ෂණය' සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

'අපි සැකකරුව හඳුනගත්තා. ඔහුව අත්අඩංගුවට ගන්න විමර්ශන ක්‍රියාත්මක වනවා....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka