gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මෙයා මට වඩා අවුරුදු හතරක් බාලයි. අපිට මේ සම්බන්දෙ අවුරුද්දක් විතර හංගන්න වුණා...'' - කටට රහට කෑම හදන ලෂීගේ ආදර කතාව

හැමෝම හිතනවට වඩා ටිකාක් විතර ඉස්සරහට ගිහින් නිර්මාණශීලිව හිතන්න ගත්තාම, අපිට මෙච්චර කල් නොපෙණුන ''දුරක්'' පේන්න ගන්නවා.

ගමන ලේසි නෑ තමයි.. හැබැයි ඒ ගමන අමාරුවෙන් හරි අල්ලගෙන ගියෝතින් අපිත් නොදැනීම අපේ ජීවිතය ලස්සන ගමනාන්තයකට ළඟා වෙනවා.

සමාජ මාධ්‍යට එබුණාම මේ කිව්ව කතාවට උදාහරණ ඕනෑ තරම්....

රසට කෑම හදන හැඩකාර ලෂී හේවගේ කියන්නෙත් අන්න එහෙම කෙනෙක්.

හයිය හිතක් ඇත්නම් ඕනෑම දෙයක් තනියම කරන්න පුළුවන් බව හැබෑවක්.

හැබැයි අපේ හයියට තවත් කෙනෙක් ළඟ ඉන්නවා නම්, දෙන්නත් එක්ක යන්න පුළුවන් දුර අසීමිතයි.

ඉතින් ලෂීටත් තියෙනවා එහෙම ආදරණීය බැඳීමක්. ඔහු තමයි කවිශ්ක සේනානායක.

මුදල, බලය, තම තම හැකියාවන් මත ''ආදරය හෑල්ලු කරන'' කාලෙක, ලෂී - කවිශ්ක ආදර කතාව අපේ තරුණ පරපුරට කියලා දෙනවා අපූරු පාඩමක්.

ඒ තමයි ''දෙන්නත් එක්ක ගොඩයන්න ඕනි'' කියන පාඩම.

පහුගිය දවසක ලෂී, ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් හා එක්වෙමින් ඒ ආදර කතාව ගැන මේ විදියට කියලා තිබුණා.

''මේ මගේ පළවෙනි බැඳීම නෙවෙයි.

මේ තමයි මම ආදරයම කරපු බැඳීම.

මෙයා මට වඩා අවුරුදු හතරක් බාලයි.

ඒක නිසා අපිට මේ සම්බන්දෙ අවුරුද්දක් විතර හංගන්න වුණා.

මොකද කට්ටිය එක එක ඒවා හිතන නිසා.

මෙයා නිසා තමයි හැමදේම ලැබුණෙ මට.

මම මොඩ්ලින් කරේ අවුරුදු ගාණක්.

ඒකෙනුත් සල්ලි හම්බකරා. හැබැයි ඉතුරුවක් කරේ නැහැ.

මට වගකීමක් කියන එක ආවෙ මෙයා හම්බුණාට පස්සෙ.

සමහර විට මෙයා මට වඩා බාල නිසා වෙන්න ඇති.

මෙයාවත් බලාගෙන ගෙදර අයත් බලාගන්න ඕන කියන හැඟීම මට ආවෙ මෙයා හම්බුණාට පස්සෙ''

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka