මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය 'කෙහෙළිය රඹුක්වැල්ල' සම්බන්ධයෙන් මේ වන විටත් 'සමාජ මාධ්‍ය' ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වනවා.
හිටපු අමාත්‍යවරයා 'අධිකරණ නියෝගයෙන්' අනතුරුව 'බන්ධානාගාර රෝහල' ට ඇතුළත් කිරීම බොහෝම පාර්ශව 'විවේචනය'ට ලක් කළ අතර ඒ සම්බන්ධයෙන් 'බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ' පැහැදිලි කිරීමක් කර තිබුණා. (විවේචනයට එහා බොහෝ පිරිසක් අමාත්‍යවරවයාගේ මෙම ක්‍රියාවන් හාස්‍යයට ලක් කර තිබුණා....)
කෙහෙළිය පට්ට ලෙඩෙක් ලු. බේත් ජාතිම 7 ක් බොනවා ලු..
වෛද්‍යවරයා සඳහන් කරන්නෙ 'කෙහෙළිය රඹුක්වැල්ල' අමාත්‍යවරයාට රෝගී තත්ත්වයන් හතක් ඇති බවත්, ඒ සඳහා ඖෂධ වර්ග 9ක් ලබා ගන්නා බවයි.
හිටපු අමාත්‍යවරයාට 'නිදාගැනීමේදී' යන්ත්‍රයක් මඟින් 'ඔක්සිජන්' ලබා දෙන බව ද අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබුණා.
බන්ධනාගාර රෝහලේ ඉඩ නැද්ද?
මේ වන විට බන්ධනාගාර රෝහලේ ඇඳන් 185ක් ඇති අතර, ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 380ක් බවයි ඒ මහතා සඳහන් කළේ.
ඒ නමුත් මින් ඉහත මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ 'රුක්ෂාන් බෙල්ලන' සඳහන් කළේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ පහසුකම් 'අවම' බැව් කියමින් 'සිංගප්පූරුවෙන්' බෙහෙත් ගෙන දෙන ලෙස ඉල්ලීමක් සිදු කළ බවයි.
'කෙහෙළියට රෝහලේ ඉන්න අමාරුයිලූ, පුද්ගලික රෝහලක් අවශ්‍යයි ලූ... අහිංසක සිරකරුවන් ව රෝහලට වද්දගන්නෙ නෑ... මේකේ ඉන්න වෛද්‍ය කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගත යුතුයි මේ කරන දේවල්වලට...'
මේ අතර, කෙහෙළියට තුන්වේලම නිවසින් ලැබෙන බවට ද තොරතුරු අනාවරණය වී තිබුණා.
කෙහෙළියට වරප්‍රසාද දෙන 'දොස්තර නෝනා' කවුද???
එසේම, රෝහලේ 'ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියක්' ක්‍රියා පටිපාටියට එහා යමින් 'බලවතුන්' සඳහා 'වරප්‍රසාද' ලබා දෙනට බවට ද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා චෝදනා කළා.
'බන්ධනාගාර රෝහලේ ඇත්තටම ඉඩ නෑ. ලෙඩ හදලා හරි ගන්නවා. මේ කාන්තා වෛද්‍යවරියට එරෙහිව පැමිණිලි තිබුණත් පියවර අරන් නෑ.... දැන් අවුරුදු 7ක් විතර.... නමුත් මේ හොරකමට එන්න නම් ඒ වගේ අයව දාගන්න ඔිනි...'
113ක් අත එසවූ කෙහෙළියගේ මෙම 'නොමනා ක්‍රියාව' වෙනුවෙන් සිවිල් සංවිධාන බොහෝමයක් 'සෘජුව' පෙනී සිටි අතර, මේ වන විටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම්, ව්‍යසන සඳහා 'කෙහෙළිය' හිටපු අමාත්‍යවරයා වග කිව යුතු බැව් ද ඔවුන් පෙන්වා දුන්නා.
තමන් අමාත්‍යධුරය දරන 'සෞඛ්‍ය' ගැනම කිසිදු 'විශ්වාසයක්' හෝ නොමැති කෙහෙළිය රඹුක්වැල්ල සැබැවින්ම 'සෞඛ්‍ය' වෙනුවෙන් කෙරූ සම්මාදම කුමක්ද? එයත් එක ව්‍යාජ රංගනයක් පමණක් ද? (සිංගප්පූරු රෝහලකින් පහසුකම් ඉල්ලන්නට තරම් ඔහු කොපමණක් වටිනා කියන මෙහෙවරක් කර ඇද්ද??)
7 ක් මරා 10 කගේ දෑස් අන්ධකළ මිනීමරු කෙහෙළිය පල පල..!
'ලංකා ඊ නිවුස්' ඇතුළු වෙබ් පිටු සහ ෆේස්බුක් පිටු ගණනාවක් දින ගණනක් තිස්සෙ 'කෙහෙළියට' එරෙහි 'නොනවතින සංග්‍රාමයක' නියැලුණු අතර, මේ වන විට 'බාල බේත්' නිසාම මිය ගිය ජීවිත 7කට කෙහෙළිය වග කිව යුතු බැව් ඔවුන් පෙන්වා දී තිබුණා.
එසේම '10 දෙනෙකු'ගේ ඇස් අන්ධ කරමින් 'නොමනා ක්‍රියා' සිදු කළේ ද හිටපු අමාත්‍යවරයා විසින් බවටයි ඔවුන් චෝදනා නඟන්නෙ.
මෙවන් තත්ත්වයක් තුළ කෙහෙළිය හා අත එසවූ '113' ගැනත් 'තතු' හෙළි කළ යුතු ය යන ස්ථාවරය දරන බොහෝමයක් 'පක්ෂ' සහ සංවිධාන තවමත් ඒ සටන නවතා නැහැ.