gossip lanka

එයාලා ආවේ ගෙදර රණ්ඩු විසඳන්න.. ඒත් අවසානයේ වුණේ වෙන වැඩක්.. සැමියා ගෙනියන්න නොදී පොලිසිය සමඟ අරඟල කළ බිරිඳත් සැමියා එක්කම පොලිසියට

හැම ගෙදරකම ප්‍රශ්න ඇති වෙනවා.. ඒක සාමාන්‍යයි.. ඒත් මේක අසල්වැසියන්ටත් කදරදයක් වෙච්ච ප්‍රශ්නයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. 

අම්පාර ප්‍රදේශයේ සැමියෙකු විසින් බිරිඳට අමානුෂික ලෙස පහර දෙනවා යැ‍යි ලැබුණු පැමිණිල්ලකට අනුව, එය පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට බැනවැදී කලහාකාරී ලෙස හැසිරුණු අඹු - සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත්තේ, අදාළ ප්‍රදේශයේ, ප්‍රදේශවාසීන් විසින්.

කෙසේ වෙතත්, සිද්ධිය වාර්තා වන්නේ මෙසේයි...

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් නිලධාරීන් එම නිවසට යන විටදීත්, සැමියා විසින් බිරිඳට පහර දෙමින් , නිවසේ භාණ්ඩවලට ද හානි කරමින් සිටිනු දැක, පොලිසිය විසින්, සැමියා පාලනය කිරීමට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව, සැමියා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන යන අවස්ථාවේදී බිරිඳ විසින්, සැමියාව රැගෙන යාමට ඉඩ නොදිය හැකි බව පවසමින් පොලිසිය සමඟ බහින් බස් වීමක් ඇති කරගෙන ,පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීම නිසා කලහාකාරී සැමියාගේ බිරිඳව ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
gossip lanka