gossip lanka

දැරියගේ වකුගඩු දෙකම ගැලවූ ශල්‍ය වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නැයි පොලීසියට නියෝගයක්! වකුගඩු ගලවා වෛද්‍යවරයා රටිනුත් පැනලා!

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු දෙහැවිරිදි දැරියක් මිය යෑමේ සිද්ධිය අපරාධයක් නම් ශල්‍ය වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට ඊයේ (21) නියෝග කළා.
වකුගඩු අසාත්මිකතතාවයක් හේතූවෙන් රෝහලට ඇතුලත් කළ දැරියක් වකුගඩු දෙකම අහිමිව මියයෑම මනුෂ්‍ය ඝාතනයක් බව පෙන්වා දෙමින් සැකකාර වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති නීතීඥ ෆයිස්ර් මුස්තාපා කල ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල බොරැල්ල පොලීසියට මෙලෙස නියෝග කළා. අදාල වෛද්‍යවරයා මේ වන විට රටින් පැනගොස් ඇතැයි පොලීසිය මෙහිදි අධිකරණය හමුවේ කරුණු පැවසුවා. කොටහේන ප්‍රදේශයේ පදිංචි අදාල දැරිය 2022 දෙසැම්බර් 22 වැනිදා වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර එය අක්‍රිය තත්ත්වය පවතින බැවින් ඉවත් කළ යුතු බවට හරීන් විජයකෝන් නම් ශල්‍ය වෛද්‍යවරයා දැනුම් දීමෙන් අනතුරුව එක් වකුගඩුවක් ඉවත් කිරීමට ශල්‍ය කර්මය කළ බව දැනුම් දුන් පොලිස් පරීක්ෂක එම් වි දයාසිරි මහතා මාස හතක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ලැබූ දැරිය මිය යන විට වකුගඩු දෙකම අහිමිවූව තිබූ බවත්, සැත්කම සඳහා සහාය දැක්වූ ළමා රෝහලේ වාට්ටු භාරව කටයුතු කළ හිටපු වෛද්‍ය ගාල්ලගේ මහත්මිය පසුගිය නඩු වාරයේදී සාක්ෂි දෙමින් පැවසු බවත් අධිකරණයේදි දැනුම් දුන්නා.

මෙම සිද්ධිය අපරාධයක් බව අනාවරණය වූයේ නම් ඒ සම්බන්ධයෙන් පියවර නොගත්තේ කුමන හේතුවක් මත දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදි පොලීසියෙන් ප්‍රශ්ණ කලා. එහිදී පිළිතුරු දුන් පොලිස් පරීක්ෂක එම් වි දයාසිරි මහතා දැරිය මිය ගිය පසුව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ප්‍රකාශ සටහන් කළ බවත් ඒවන විටත් වෛද්‍යවරයා රටින් ගොස් තිබූ බව අධිකරණය හමුවේ පවසා සිටියා.
gossip lanka