gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු නායකයන් තිදෙනකුගේ සහාය ඇතිව ධනංජය අද සුක්කානම අතට ගනී!

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනකුගේ සහාය තමාට හිමිව තිබෙන බව ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් ධනංජය ද සිල්වා ඇෆ්ගනිස්තානය සමග අද (02 වැනිදා) ඇරැඹෙන ටෙස්ට් තරගය පිළිබඳව පැවති පූර්ව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වන එම ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය නව වෙනසක් සමග මුහුණ දෙන පළමු තරගය වේ.

ඒ අනුව මෙතෙක් කලක් දිමුත් කරුණාරත්න අත තිබූ සුක්කානම තම අතට පත් ධනංජය ද සිල්වා එම වගකීම ජයග්‍රහණයකින් අවසන් කිරීමට අපේක්ෂා කරයි.

“ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන මේ තරගය ජය ගැනීම අපට ගොඩක් වැදගත්. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. අපි ඔවුන් අවතක්සේරුවට ලක් කරන්නෙ නැහැ. ඒත් අපිට ඔවුන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනකු ඉන්නවා. ඒ අය හිටපු නායකයන්ද වෙනවා. ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ”

යැයි ධනංජය ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න ගේ සහාය ඒ අනුව ධනංජය ද සිල්වාට හිමි වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දී මුහුණ දෙන පළමු ටෙස්ට් තරගය මෙය වන අතර ලකුණු බහුල ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන එස්. එස්. සී. පිටිය පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට ධනංජය එම මාධ්‍ය හමුවේදී මෙසේ පිළිතුරු දුන්නේය.

“තණ තීරුව පිළිබඳව කියන්න අමාරුයි. ඒ වගේම අවසන් 11 දෙනා පිළිබඳව තවම තීරණයක් ගෙන නැහැ. තරගය දවසේ උදෑසන තමයි ඒ පිළිබඳව තීරණය කරන්නේ”

ධනංජය එසේ සඳහන් කළේ ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් තිදෙනකු ද ඇතුළත්ව සිටියදීය.

ධනංජය ගේ ප්‍රතිවාදී නායකයා වන හෂ්මතුල්ලා ශහිඩි ද මාධ්‍ය හමුවේදී අනතුරුව අදහස් දැක්වීය.

තම ප්‍රධානම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් නොමැතිව ටෙස්ට් තරගයට මුහුණ දීමේ අභියෝගය ඔහු ඉදිරියේ පවතී.

“ඔහු තමයි අපේ ප්‍රධාන පන්දු තුරුම්පුව. ඔහු නැති වීම ලොකු පාඩුවක්. පසුගිය මාසයේ ඔහු ආබාධයට ලක් වුණා. දැන් ඔහු ඉන් සුවය ලබමින් ඉන්නවා. ටෙස්ට් තරගයට නැතත් සීමිත පන්දු වාර තරගවලට හෝ ඔහු යොදා ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

ටෙස්ට් තත්ත්වය ලබා වසර 7ක් ගත වුවද ඔවුන් තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග හතක් පමණක් වීම පිළිබඳව ඇෆ්ගනිස්තාන නායකයාට යම් පසුතැවීමක් වේ.

“අපි ටෙස්ට් වරම් ලබා ගෙන අවුරුදු හතක් වෙනවා. ඒත් තවමත් අපි ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරග හතකට පමණයි. ඒ වගේම ඒ ටෙස්ට් තරග 7 ම ක්‍රීඩා කරපු එක ක්‍රීඩකයෙක්වත් අපේ කණ්ඩායමේ නැහැ. ඒ වගේම රෂීඩ් නැහැ කියලා අපිට තැවෙන්න පුළුවන් කමක් නැහැ. අපි හොඳ සටන්කාමී කණ්ඩායමක් කියලා මුළු ලෝකයම දන්න කරුණක්. ඒ ගැන මට අභිමානයක් තියෙනවා. අපි ධනාත්මකව ඉන්නේ. කිසිවිටෙකත් අපේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ.

මෙම ටෙස්ට් තරගය ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියට අදාළ නොවන අතර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය එකිනෙකා හමුවන පළමු ටෙස්ට් තරගය ද වේ.

ධනංජයගේ උප නායකයා වන කුසල් මෙන්ඩිස් ට ටෙස්ට් ලකුණු 4000 සීමාව පසු කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු දෙකක් පමණි.

කුෂාන් සුබසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka