gossip lanka

'මගේ ඒවාට වගකියන්න එපා!' ලිෆ්ට් එකේ දී මුහුණට මුහුණ බැලූ බන්දුල - ඩයනා කළ රහස් සංවාදය කැමරාවේ! මෙන්න විස්තරේ!

'කංසා සම්බන්ධයෙන් යම් තීරණයක් දුන්නද???' පසුගිය දිනෙක 'මාධ්‍යවේදීන්' මේ ප්‍රශ්නය ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය 'බන්දුල ගුණවර්ධන'ට යොමු කර තිබුණා. ඒ, ඩයනා ගමගේ 'මන්ත්‍රිවරිය' සිදු කෙරූ ප්‍රකාශකයක් නිසයි.

නමුත් එයට 'පිළිතුරු' දුන් අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, එවැනි 'තීරණයකට' කැබිනට් අනුමැතියක් හිමි නොවූ බවයි.

'ඩයනා ගමගේ' මන්ත්‍රීවරියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් 'වගකීමක්' ගත නොහැකි බවද 'අමාත්‍යවරයා' කියා සිටියා.

'එතුමිය කැබිනට් ඇමතිතුමයක් නෙවෙයි. එතුමියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් මට වගකීමක් ගන්න බෑ. අසත්‍යක් කියන්න බෑ. එවැනි කැබිනට් පත්‍රිකාවක් නිකුත් වුණේ නෑ, එවැනි අනුමැතියක් ලබා දුන්නෙත් නෑ.......'

කෙසේ වෙතත්, අද දිනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටත 'මාධ්‍යවේදීන්' ඇමතූ 'ඩයනා ගමගේ' මන්ත්‍රීවරිය අදාළ 'කැබ්නට් පත්‍රිකාව' ගැන මෙසේ අදහස් පළ කළා.

'මම නොදැන නොවෙයි... කැබිනට් පත්‍රිකාව දැම්මේ 23... 11. 29 වැනිදා. මෙන්න ඒ කැබිනට් පත්‍රිකාව. (ජංගම දුරකතනයෙන් පෙන්වමින්..) මම කතා කළේ මෙන්න මේ කැබිනට් පත්‍රිකාව ගැන... මේක දාලා තියෙන්නෙ ජනාධිපතිතුමා, දිලුම් අමුණුගම එක්ක.... අනුමැතිය දීලා තියනවා, කරන්න ඔිනි දේවල් කොටසක්..'

'මේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා, අනුමැතිය ගන්න ඔිනි කිවුවේ සිසිර ජයකොඩි අමැතිතුමා. මම නෙවෙයි. මගෙන් කෝල් කර කර ඇහුවම මම කිවුවා අනුමැතිය ලැබුණා කියලා. මේකේ තියනවා ආයුර්වේදයෙන් කරන්න ඔිනි වැඩ කොටසක්. නීති රීති ටික.. ඔික තමයි මම හිතන්නෙ සිසිර ජයකොඩි දීලා තියෙන්නෙ..'

මේ අතර, 'විදුලි සෝපානයේ' දී මන්ත්‍රීවරිය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මුණගැසුණු අවස්ථාවේ ද ඔහු සමඟ මේ සම්බන්ධයෙන් 'සංවාද' කරන අයුරු ද කැමරාවක පටිගත වී තිබුණා.

ඩයනා ගමගේ: 'මගේ ඒවට වගකියන්න එපා. සම්පූර්ණයෙන් ම මම දන් නෑ, ඒවා සිසිර ජයකොඩිා කිවුව ඒවා. මම නෙවෙයි!'
gossip lanka