gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'පුදුම දුකක් දීලා තියෙන්නේ. සෑහෙන වද හිංසා කරලා..' - 'තැපැල් සේවකයින්' 4ක් රංචු ගැසී, 26ක් වයස රූමතියකට හදි කළ හැටි!

මව සමඟින් තැපැල් කාර්යාලයට පැමිණි 26 හැවිරිදි තරුණියක් 'තැපැල් සේවකයෙකු'ගේ නිවසට ගෙන්නා ගෙන රංචු ගැසී 'සමූහ දූෂණයට' ලක් කෙරූ සිදුවීමක් පසුගිය දිනෙක 'රුවන්වැල්ල' ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම 'සමූහ දූෂණයට' අදාළව රුවන්වැල්ල සහ ඉඹුලාන කාර්යාලවල සේවය කරන 'හතර දෙනෙක්' අත්අඩංගුවට ගෙන ඇති බැව් පොලිසිය ඊයේ දින තහවුරු කළා.

කනන්තොට පදිංචි අදාළ තරුණිය පසුගිය 'සිකුරාදා' දිනයේ මව සමඟින් රුවන්වැල්ල නගරයේ පිහිටි තැපැල් කාර්යාලය වෙත පැමිණ තිබුණා.

'උදවුවක් ඔිනි නම් කතා කරන්න නංගි' කියූ එහි සිටි 27 හැවිරිදි තරුණයෙක් ඇයට 'දුරකතන අංකය' ලබා දී ඇති බැව් සඳහන්.

අනතුරුව ඇය හා 'හාදවූ' තරුණයා ඇයව 'කන්නන්තොට' පිහිටි 'නිවෙසක්' වෙත කැඳවාගෙන අවුත් තිබෙනවා. ඇයව දූෂණයට ලක් කෙරූ ඔහු ඉන් පසු ඔහුගේ 'මිත්‍රයින්' තිදෙනෙකුට ද අඬගසා ඇති අතර, මොවුන් ද වරින් වර බලහත්කාරයෙන් 'තරුණිය' දූෂණයට ලක් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

'හතර දෙනාම සැරින් සැරේ ඒ දේ කළා. මම බය නිසා කාටවත් කිවුවේ නෑ....'

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණියන්ගේ 'වැඩිමහල් සොහොයුරා' දැනුම්වත් වී තිබුණා.

'නංගි ෆෝන් එකෙන් කතා කර කර ඔය කියන කෙනාගේ ගෙදරට යනවා මගේ යාලුවෙක් දැකලා තියනවා. පස්සේ මං ඒ ගැන නංගිගෙන් ඇහුවා. එතකොට තමයි එයා සම්පූර්ණ කතාව මට කිවුවේ....'

දූෂණයට ලක්වූ තරුණියගේ පියා සඳහන් කර තිබුණේ ඇය 'වරින් වර' හිංසනයට ලක් කරමින් 'තැපැල් සේවකයින්' හතර දෙනා කෲර ලෙසින් හැසිර ඇති බවයි.

'පෙතංගොඩ පැත්තේ පාලු ගෙදරක හතර දෙනා මත්පැන් බිබී දූෂණය කරලා තියනවා. සෑහෙන වදහිංසා දීලා.... පුදුම දුකක් දීලා තියෙන්නෙ... මේ දරුවට ගෙදර ඇවිත් අපිට මුහුණ දෙන්න බැහැ. එයා පවුලේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා, එයාට කියලා තමා අපි එයාගෙන් දැනගත්තේ..'

මේ පිළිබඳව තරුණියගේ මව විසින් 'රුවන්වැල්ල' පොලිසියට පැමිණිලි කර ඇති අතර, අනතුරුව 'දූෂණය' කළා යැයි කියන 'චෝදනා' මත තැපැල් සේවකයින් 4 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මූලාශ්‍ර අරුණ පුවත්පත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka