'විහාරස්ථානයක්' අසළ රැඳි සිටින 'එකෝමත් එක පුද්ගලයෙක්' ට 'බැතිමතුන්' වැඳ වැාටෙමින් 'සාධු නද' දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.
'ඊජිප්තුවේ' සිට මෙරටට ආ බැව් කියන මේ 'අද්භූත මිනිසා' ගැන දැන් නවතම කතාබහක් ඇති වී ඇති අතර, ඔහු විසින් ද 'යූටියුබ්' නාලිකාවක් පවත්වාගෙන යන බැව් අපට නිරීක්ෂණය වුණා.
ඔහු සිය 'දෙසුම්' සඳහා 'රන්' පැහැ 'අසුනක්' ද භාවිතා කරන අයුරු වීඩියෝවේ දැක ගත හැකියි.
අදාළ වීඩියෝ පටය 'සමාජ මාධ්‍ය' වෙත මුදා හළ තැනැත්තා විසින් මෙම 'අද්භූත' මිනිසාව මෙසේ හඳුන්වා දී තිබුණා. (පහත සටහන කියවන්න........................)
'බුදුවරුන් ආරක්ශා කරන බුද්ධත්වය කියාදෙන මහායානයට අයත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය සිංහල බසින් සිංහලයා හට කියාදෙන ඊජිප්තුවේ සිට මෙරට බලා 2024 වසරේ පලමු දින පය තැබූ ඊශ්වර ප්‍රමේශ්වර ලංකේශ්වර මෙවර අවලෝකීතේශ්වර නාමයෙන් පහළ වූ ඒ උතුම් මිනිසා . දන්නෝ දනිති පරිනිර්වාණය ධාතුවේ වැඩ වාසය කරන්නාවූ පෙර එකල වින්‍යානය අවලෝකීතේශ්වර නාමය සමග නැවත ධර්මය උදෙසා පැමිණ ඇත. අපගේ රට වෙනුවෙන් මෛත්‍රී බුදුන්ගේ ධර්ම මාර්ගය සැකසීම සදහාත් කල්ප විනාසයෙන් පසු බුදුන්ගේ ධර්ම ඉතිරි වන්නේ නා ලොව බවත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය මුලු රටේම දේශනා ඇසීමට සැලැස්වීම හරහා රටේ යහපත උදා වන බවත් කොරියාව චීනය ජපානය තායිලන්තයේ වැනි රට වල අදහන බුදු දහමේ නායකත්වය ද මෙතුමා බව සියලු ලංකාවාසී ඇස් පෙනෙන මිනිසුන් හට තේරුන් කිරීමට පැමිණි වගයි!! නින්දා අපහස සත්‍යය නොදන්න අය දොඩවයිද දැනමුතුකම් ඇති ඇත්තෝ වෙත්නම් රට ම දකින සේ සංඝරත්නය සමග සංඝායනාවක් සූදානම් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු...'
මේ අතර, අදාළ වීඩියෝව පළ කළ පුද්ගලයා මින් ඉහතද මේ 'දියසෙන්' කුමාරයා ගැන 'ලයිව් වීඩියෝවකින්' දැනුම්වත් කර තිබුණා.
මොහු '2019 දියසෙන් කුමරු' බවත්, 'මව්බිම ආරක්ෂා කිරීම' සඳහා ඔහු පැමිණෙන බවත් ඔහු එහි සඳහන් කරනවා.
පහතින් දැක්වෙන්නෙ මින් ඉහත ඔහු, 'දියසෙන් කුමරු' ගැන කළ සඳහනක්.
'මම ෆෝන් එක ඔබ ඔබ ඉද්දි මට හම්බුණා සුන්දර මනුස්සයෙක්. අතිඋතුම් උත්කර්ශවත් මනුස්සයෙක්. ඒ මහින්ද කොඩිතුවක්කු... දැනට ඊජිප්තුවේ ඉන්නෙ... ලංකාවට එනවා ළඟදි (මේ හඬපටය ඔහු ලංකාවට එන්න කලින් ගත්ත එකක්...) යූටියුබ් එකේ බලන්න... 2019 සොයන්නා වූ දියසෙන් වෙන කවුරුත් නෙවෙයි. ඔහු එනවා මවුබිමේ ආරක්ෂාව සඳහා, ජම්බුදීපයේ ආර්යයන් බිහිකිරීම සඳහා පැමිණෙනවා..... නිකන් ඉන්න ගමන් ට්‍රයි කරලා බලන්න..'
කෙසේ වෙතත්, මේ 'අද්භූත කුමාරයාට' මේ මොහොත වන විටත් බොහෝ පිරිසකගේ 'විරෝධය' එල්ල වෙමින් පවතිනවා.