gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෑ නෑ නාමල් මහත්තයා නෙවි, මැතිවරණයක් තිබ්බොත් දිනන්නෙ මෙතුමා!!': අතුරුදන් වී සිටි රාජකීය දෛවඥයා, 'සුමනදාස උතුමන්' මීළඟ නායකත්වය ගැන 'නොවරදින' අනාවැකිය මෙන්න

'රාජකීය ජ්‍යෙතීර්වේදීයා' ලෙසින් 'කිරුළු පැළඳ' සිට නමුත් හිටි හැටියේ 'අස්ථානගත' වූ ඔහු ගැන 'හාවක් හූවක්' නැතිවෙනවා. ඒ අතරතුර දී ඔහු 'නෙරපා හැරි' බැව් කියමින් සමාජ මාධ්‍ය තුළ පවා විවිධ ආකාරයේ 'කයි කතාන්දර' පැතිර යන්නට වුණා.

'රාජපක්ෂ ගැන්සියේ' සමීපතමයා ද වූ ඔහු 'මහින්ද රාජපක්ෂ' හිටපු ජනපති ගැන පවා 'අනාවැකි' පළ කළ නමුත් ඒ සියල්ල ඇස් පනා පිටම 'බොරුවක්' බැව් ඔප්පු වනවා.

කෙසේ හෝ වේවා, 'අස්ථානගත' වූ 'සුමනදාස' උතුමන් මෑතකදී හදිසියේ ම නැවත වතාවක් පෙනී සිටියා.

සම්මුඛ සාකච්ඡා කිහිපයකට සහභාගී වූ ඔහු සිය 'විශ්මිත' (විශ්මිත යැයි ඔහුම කියන) අනාවැකි පිළිබඳවත්, මහින්ද රාජපක්ෂ ගැනත් බොහෝ 'කරුණු කාරණා' කියා තිබුණා.

මේ අතර, රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් සඳහා එක්වුණු 'සුමනදාස අබේගුණවර්ධන' ඉදිරියේ දී පත්ව රටේ නායකත්වය නොහොත් 'ජනපති පුටුව'ට හිමිකම් කියන 'උත්තමයා' ගැනත් අනාවැකියක් පළ කළා.

මේ ඔහු කළ ඒ ප්‍රකාශය.......

'අපේ රටේ ආවා ඔටුන්න දෑතින් අරන් කුමාරයෙක්. ඒ තමයි අනුර බ‍ණ්ඩාරනායක මහතා. දකුණු ආසියාවේ බොහෝ දෙනෙක් හිතන් හිටියා අනුර බණ්ඩාරනායක මහත්තයා මේ රටේ රාජ්‍ය නායකයා වෙයි කියලා... වෙන්න බැරිවුණා. අපි හොයාගෙන හොයාගෙන යනකොට, එතුමා සිංහ ලග්නයෙන් තමයි උපත ලබලා තිබුණේ....'

'ඒ වගෙම අපේ රටේ ඩඩ්ලි සේනානායක... එතුමා මිය ගියාම එතුමාගේ මල්ලිගේ පුතා ආවා. රුක්මන්... රුක්මන් මහත්තයටත් මේක ඇදගෙන යන්න බැරිවුණා. බණ්ඩාරනායක මහත්තයාටත් වඩා වැඩිපුර වැඩ කරපු කෙනෙක් තමයි ලලිත් ඇතුලත්මුදලි මහත්මයා... 36 එතුමා උපත ලැබුවෙත් සිංහ ලග්නයෙන්... නාමල් රාජපක්ෂත් සිංහ ලග්න නේ... සිංහ ලග්න කට්ටියට පොඩි අවාසානවක් තියනවා, අපේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වෙන්න. අපේ රටේ කන්‍යා ලග්න හිමියන්ට රාජ්‍ය නායකත්වයට පත් වෙන්න ලොකු වාසනාවක් තියනවා......'

'ඩඩ්ලි කන්‍යා.. සිරිමාවෝ කන්‍යා.... ජේ. ආර්. කන්‍යා..... කන්‍යා, මිථුන කියන්නෙ මේ දෙකේ ම අයිතිකාරය දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක්.. අපේ පළවැනි අගමැති ඩී.ඇස්.. එතුමාත් මිථුන... ඩිංගිරි බණ්ඩා විජේතුංග මහත්තයාත් මිථුන.. සජිත් මහත්තයත් මිථුන... මැතිවරණයක් තිබ්බ නම් දිනන්නෙ එතුමා......'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka