gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“නංගි, ඔයාට දහඅට වුණාම තරංග අයියා බැඳ ගන්න… එතකන් මම අයියත් එක්ක ඉන්නවා” – නංගීට දහඅට වෙනකන් අක්කා පවුල් කාලා!

නගෝ දෙදෙනෙකුගේ අප්‍රසන්න කතාවක් වාර්තා වන්නේ ගාල්ල ප්‍රදේශයෙනි.

අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවක්වේ.

නංගි තරමක් හිතුවක්කාර වූ අතර ඇය ළමා නිවාසයක නතරවීමටද ආසා කළාය.

ඒ නිසාම මීට වසර එකහමාරකට පමණ පෙර ඇය ළමා නිවාසයකට ගියාය. ඒ වනවිට ඇය ගමේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියෙකු සමඟ පෙම් සම්බන්ධයක්ද අරඹා තිබුණි.

ඇය ටික කලකට පසු නැවත පාසල් යාමට අවශ්‍ය බව පවසා ළමා නිවාසයේ සිට නිවසට ආ අතර ටික දිනක් නිවසේ සිටියත් ඇය පාසල් නොගියාය.

ඇගේ හිතුවක්කාරකමේද අඩුවක් නොවීය.

මේනිසා ඇය යළිත් ළමා නිවාසයේ නතර කිරීමට අම්මා ඇය සමග ගාල්ල කොටුවේ පරිවාස කාර්යාලයට ආවත් එදා පරිවාස නිලධාරින් නොසිටි බැවින් අම්මා දුවත් සමඟ ගමේ යාමට ගාල්ල බස් නැවතුම්පොළට ආවාය.

බස් නැවතුම්පොළේ දී අම්මා බලාපොරොත්තු නොවූ ලෙස දුව අතුරුදන් වූවාය. අවසානයේ අම්මා පැමිණ ගමේ පොලිසියේ පැමිණිල්ලක් දැමීමට කටයුතු කළාය.

ඒ වනවිටත් දුව පැරණි පෙම්වතා සමඟ නිවසකට ගොස් මධුසමය ගතකරන බව අම්මා දැන සිටියේ නැත.

ටික දිනකට පසු දෙදෙනා සහෝදරයෙකුගේ නිවෙසට පැමිණි අතර පැමිණිල්ල හේතුවෙන් පොලිසියට ගොස් නැවත ගෙදර යමින් සිටියදී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. නංගිගේ පෙම්වතා සමඟ අක්කා නිවෙසින් පැන ගොසිනි.

ඒ වනවිට ඔහුගේ බිරියත් ඔහු හැර ගොස් තිබුණි.

එසේ පැන ගොස් මීට මාස එකහමාරකට පෙර අක්කා නිවෙසට පැමිණියාය. නංගි සමඟ පවත්වන සම්බන්ධය ඔහු අතහැර තිබුණේද නැත.

එය දැනගත් අක්කා නංගිට අපූරු උපදෙසක් දුන්නාය. ”නංගි ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාම මෙයාව කසාඳ බැඳ ගන්න. එතකන් මම එයත් එක්ක ඉන්නවා.”

වැඩි දවසක් එසේ ඉන්නට ලැබුණේ නැත. බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යටතේ අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා පොලිස් අත්අඩංගුවට පත්විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka