gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාවි­ල්ආරු මෙහෙ­යු­මේදී මුල් පෙළේ සටන් වැදුණු එස්.එෆ්. මංගල, මාරක රිය අන­තු­ර­කින් මිය යයි

ත්‍රස්තවාදින්ට එරෙහි මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ එස්.එෆ්.මංගල රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.

පුත්තලම කරඹ ප්‍රදේශයේ දී ඊයේ අලුයම සිදුවු මාරක රිය අනතුරකින් හිටපු මාණ්ඩලික නිලධාරියා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරියක ගැටී මරණයට පත්ව ඇති බවයි පුත්තලම පොලිසිය පවසන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ පුත්තලම පොත්තුවිල්ලුව පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකි.

හිටපු විශේෂ බළකා මාණ්ඩලික නිලධාරීයා නොරෝච්චෝල ප්‍රදේශයේ ඔහුගේ හිතවතකුගේ මළ ගෙදරකට යතුරුපැදියෙන් ගොස් ආපසු නිවස බලා පුත්තලම දෙසට එමින් සිටිය දී මේ අනතුර සිදු වී ඒ ස්ථානයේදීම මරණයට පත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.

මේ මාරක අනතුරින් මරණයට පත්වු විශේෂ බළකා නිලධාරීයා එස්.එෆ්.මංගල නමින් යුද බිමේ සේම සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය චරිතයකි.

1997 වසරේ යුද හමුදාවට එක්ව ඇති මංගල විශේෂ බළකායට එක්ව තිබේ.

නෙදුන්කර්නි ඇල්ෆා මෙහෙයුම,තවත් මෙහෙයුම් රැසකට එක්ව සිටි දක්ෂ විශේෂ බළකා මාණ්ඩලික නිලධාරියෙක් වන ඔහු මන්නාරම මඩු ප්‍රදේශයේ කොටි සංවිධානයේ ප්‍රබල නායකයකු වු කර්නල් අම්බලන් ඔහුගේ මෙහෙයුමකින් මරණයට පත් කිරීමට සමත්ව තිබු බව ද කියයි.

මේ සියලු වික්‍රම වෙනුවෙන් රණශූර පදක්කම් හතරක් ලබාගෙන මව්බිම ආරක්ෂා කර ගැනීමේ සටනට දැවැන්ත කාර්ය භාරයක නිරත වු රණශුරයෙකි.

මාරක අනතුරින් මරණයට පත්වු එස්.එෆ් .මංගල මහතාගේ සිරුර පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන විත් තිබු අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (05) දහවල් සිදු කිරීමට නියමිතව තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka