gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සයිනොපෙක් පෙට්‍රල් සහ ඩීසල් රු 3ක් අඩුවෙන් දෙයි!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි.

නමුත් නව වසර උදාව හේතුවෙන් එම සමාගම විසින් ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් සඳහා රුපියල් 3ක වට්ටමක් ලබා දී ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ මිල ගණන් පරිදිම රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464කි.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.

සයිනොපෙක් සමාගම විසින් නිකුත් කර ඇති මෙම නව මිල ගණන් මීළඟ ඉන්ධන මිල සංශෝධනය ක්‍රියාත්මක වන තුරු බලපැවැත්වෙන බව ද එම සමාගම දැනුම්දෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka