gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චාමර වීරසිංහ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ... ඔහුව බේරා ගැනීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක!

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය ඊයේ (31 දා) පැවසුවාය.

නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඒ මහතාගේ පෙනහළුවල ගැටලුවක් මතුවී ඇති බවත් එබැවින් ඔහුට උපරිමයෙන් ප්‍රතිකාර කරන බවත් ඇය සඳහන් කර සිටියාය.

ඒ මහතා වෙන්ටිලේටර් මැෂිමේ ආධාරයෙන් සිටින බවත් ඔහුව බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය උපරිම වෙහෙසක් ගන්නා බවත් රෝහල් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka