gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''ඇරියස් එක්ක වයසට යන්න එපා. 40 වුණාට මම නම් හිතන් ඉන්නෙ මට තාම 20 කියලා..'' - කවදත් ලස්සනට ඉන්න ඕෂධි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.

ලස්සනට, පිළිවෙලට, හැඩට ඉන්න වයස කොහෙත්ම බාධාවක් නෙවෙයි.

තමන් තමන්ට ආදරෙයි නම්, තමන් තමාව පරිස්සමින් බලාගන්නවා නම් කොච්චර වයස ගියත් හරි ප්‍රියමනාපව ඉන්න පුළුවන්.

තවත් කාරණයක්, ඔබ ඔය පිළිවෙලට තමන් ගැන හිතනවා නම් අම්මා කෙනෙක් වුණා කියලා නෑ රූපය රැකගන්න එක හරි සරල වැඩක්.

මේ කතාව කියන්න හේතු වුණේ සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස ''බෝනික්කියක්'' ළඟ නතර වුණු නිසා.

ඈ පණ තියෙන බෝනික්කියක්.

ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම... ඇගේ 40 වන උපන්දිනය වෙනුවෙන් කළ අපූරු ඡායාරූප එකතුවකි මේ.

කතාව ආරම්භයේම අපි කිව්ව ටික, ඕෂධි තමන් ගැන කියලා තිබුණා මේ විදියට....

''Cheers to 40. But I’m not naughty

1984 ජනවාරි 03 උපන් මේ පින්වත් කුමරියට, දැන් ඉතින් 40ක්…

සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ ,කාන්තාවො වයස හන්ගනවා කියලනෙ..

හැබැයි මට නම් කවදාවත් එහෙම ඕනි වුණේ නෑ, මොකද මම මේ 40 ට 100 වැඩ කරල තියෙනව, ජයග්‍රහණ ලබල තියෙනව, පාඩම් ඉගෙනගෙන තියෙනව, එකී මෙකී නොකී සෑහෙන දේවල් කරල තියෙනව. මගේ ජීවිතේ ඒ ඒ කාල වලදි, ඒ ඒ කාලෙට අවශ්‍ය දේවල් මම කරල තියෙනවා..

මම තාමත් හිතන්නෙ දැන් තමයි මගේ ජීවිතේ හරි විදියට පටන් ගන්නෙ කියලා..

ජීවිත අත්දැකීම් එක්ක තෙම්පරාදු වෙලා, හරි ගිහිල්ලා , වැරදිලා ඒ හැමදේකින්ම පාඩම් ඉගෙනගෙන ජීවිතේ හරියටම පටන් ගන්නෙ දැන්..

මම හැමතිස්සෙම හැමෝටම කියන්නෙ මෙච්චරයි.. අපි හමෝම අවුරුදු සිය ගණන් ජීවත් වෙන්නෙ නෑ.. මේ කෙටි කාලය තුල තමන්ගෙ ජීවිතේ තමන් ආස දේවල් කරන්න..

අභියෝග බාරගන්න.. අභියෝග කියන්නෙම ජීවිතේට motivation එකක්..

ඒ ඒ වයස් වලදි, ඒ ඒ අදාල දේවල් කරන්න.. ඇරියස් එක්ක වයසට යන්න එපා..

ප්‍රධානම දේ තමයි, අනිත් හැමෝටම වඩා තමන්ට ආදරේ කරන්න.. තමන් වෙනුවෙන් කැපවෙන්න.. එතකොට ජීවිතේ හැමදාමත් ලස්සනයි..

ඔන්න ඉතින් 40 කියලා ඇන්ටි.. ඇන්ටි ගාගෙන එන්න එහෙම එපා.. හරිද.. මෙච්චර කල් මට අක්කෙ කියපු 40++ කට්ටිය ඒ කොනට...

දැන් ඉතින් හරි වයස දැනගත්තනෙ.. 40 වුණාට මම නම් හිතන් ඉන්නෙ මට තාම 20 කියලා.. මොකද මට නම් වයස කියන්නෙ ඉලක්කමක් විතරමයි…''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka