කුලී ත්‍රී රෝද රථ රියැදුරකු විසින් ජනප්‍රිය රංගන ශිල්පිණියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී අතවරයක් සිදුකට පලා ගොස් තිබේ.
පිලියන්දල පොලිසිය සඳහන් කරන්නේ විසිතුන් හැවිරිදි මෙම රංගන ශිල්පිනිය කුලී ගමනක් යමින් සිටි අතරතුර එහි රියදුරු විසින් මෙම අතවරය සිදුකර ඇති බවයි.
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී රියදුරා රථය නවත්වා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් පසුපස අසුනට පැමිණ ඇයට බලහත්කාරකම් කර ඇත.
එහිදී රංගන ශිල්පිනිය රියදුරා තල්ලු කර රථයෙන් එලියට පැන කෑ ගසා ඇති අතර අසල්වාසීන් පැමිණීමත් සමග රියදුරා ඇය අතහැර දමා පලා ගොස් තිබේ.
පිළියන්දල පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරයි.