මේ කියන්න යන්නේ උතුරු මැද පළාතේ විවිධ ප්‍රදේශයන්හි තොග වශයෙන් මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක් ගැන කතාවක්..
ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුතෙක් මේ සියල්ල මෙහෙයවා ඇති බවටයි වාර්තා වෙන්නේ..
කුරියර් මඟින් ගෙන්වන මත්ද්‍රව්‍ය කොටස් කර නැවත ඔහු සිය ව්‍යාපාර ජාලය හරහා බෙදාහරින බවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරක් මතයි අදාළ පුද්ගලයා මෙලෙස අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ..
කැකිරාව නගර මධ්‍යයේ සුප්‍රසිද්ධ ව්‍යාපාර සමූහයක හිමිකරුවකු වන කෝටිපතියකුගේ පුතකු විසින් එම ව්‍යාපාර සමූහය තුළම රැඳී සිටිමින් කුරියර් සේවාව හරහා අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වාගෙන සිය සුවිසල් නිවෙස තුළදී පැකට් කර අලෙවි කර ඇති බවටයි වාර්තා වෙන්නේ..
පොලිස් කණ්ඩායමක් යොදවා එම ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවෙස සහ ව්‍යාපාර සමූහයට අදාළ කැකිරාව නගර මධ්‍යයේ පිහිටි ගොඩනැඟිලි පරිශ්‍රය දැඩි පරීක්‍ෂාවට ලක් කෙරුණ අතර, මෙම පරීක්‍ෂාවේදී කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙසේ උතුරු මැද පළාත තුළ බෙදාහැරීම සඳහා සූක්‍ෂ්ම ලෙස අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ 32 හැවිරිදි සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා අත්අඩංගුවට ගෙන තිබුණා..
මෙම වැටලීමේදී රුපියල් ලක්‍ෂ 35කට අධික වටිනාකමකින් යුතු අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ දේපොළ හා උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග මත කැකිරාව පොලිස් ස්ථානයේ රඳවා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා..
කෙසේ වෙතත් මොහු මේ සියල්ල වසරක පමණ කාලයක සිට ඉතා සූක්‍ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය ජාලය සිදු කර ඇති බව ද අනාවරණය වී තිබෙන්නේ..