gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙල්ෆියක් ගැනීමට අහසට ගිය තරුණයා – අවදානම නොසලකා සරුංගලයක එල්ලී අඩි 30ක් අහසේ! (VIDEO)

සරුංගලයක කඹයක නැඟී අහසට ගිය තරුණයෙකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙමින් පවතියි.

යාපනය – තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ තරුණයෙකු මෙසේ විශාල සරුංගලක් යැවීමට යොදාගත් කඹයක නැඟී අඩි 30ක් පමණ ඉහළ ගොස් සෙල්ෆි ජායාරූප ගසා ඇති බව යාපනයේ තරුණයෝ පවසති.

යාපනය – වැල්වැටිතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ විශාල සරුංගලයක් යැවීමට යොදාගත් කඹයක නැඟී අදාළ තරුණයා ඉහළට ගොස් සෙල්ෆි ජායාරූප ගෙන තිබේ.

තරුණයින් පැවසූවේ, සරුංගල් කඹයේ නැඟී ඉහළට ගිය තරුණයා නැවත බිමට බැස ගැනීමට නොහැකිව අපහසුතාවට ද පත් ව ඇති බවයි.

මීට පෙර 2021 වසරේ ද විශාල සරුංගලයක් යැවීමට ගිය තරුණයෙකු ලණුවක එල්ලී අඩි 100ක් පමණ ඉහළ ගිය සිදුවීමක් වාර්තා විය.

වැල්වැටිතුරෙයි සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කළ ඇතැම් සරුංගල් අඩි 30ක් 40ක් පමණ විශාලත්වයෙන් යුතු වන අතර, විශාල සරුංගල් යැවීමට නයිලෝන් කඹ භාවිත කෙරෙයි.

විශාල සරුංගල් යැවීමට 20 දෙනෙකුගෙන් පමණ යුතු කණ්ඩායමක් සහභාගි වන ආකාරය දැක ගැනීමට හැකි වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka