gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුධිර පරීක්ෂාවකට රෝහලය ගිය කතකට නොසිතූ කරදරයක්... වෛද්‍යවරයෙකු ලෙස වෙස්ගත් තරුණයා කවුරු වෙන්න පුළුවන්ද...? (VIDEO)

මේ කියන්න යන්නේ ඔබ තව විමසිලිමත් වෙන්න ඕන කාරණයක්...

අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න ගියත් දැන් ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න ඕන...

මේ කතාව ඇහෙන්නේ බලපිටිය පැත්තෙන්.. බලපිටිය මූලික රෝහලට පැමිණි කාන්තාවක් රවටා ඇය පැළඳ සිටි රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා...

අදාළ පුද්ගලයා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් තමාව රවටා රන් භාණ්ඩ සොරකම් කළ බවයි පැමිණිලිකාර කාන්තාව පොලිසියට පවසා ඇත්තේ..

මෙම සිද්ධියට මුහුණ දුන්නේ බලපිටිය මීටියාගොඩ මඟවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්.

ඇය පසුගි‍ය දවසක බලපිටිය මූලික රෝහලට ගොස් තිබුණේ සිය පියාට රුධිරය පරිත්‍යාග කිරීම සඳහායි.

එහිදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඇයට උපදෙස් ලබාදී ඇත්තේ රුධිරය ලබාගැනීමට පෙර ඇය පැළඳ සිටි රන් මාලය, මුදු දෙක සහ රන් අත් පළඳනාව ගලවන ලෙසයි..

පසුව ඇය එම රන් භාණ්ඩ ගලවා සිය පසුම්බිය තුළට දමාගෙන තිබෙනවා..

අදාළ පුද්ගලයා ඇයව ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ යුතු බව පවසමින් වෙනත් කාමරයකට රැගෙන ගොස් තිබු අතර එහිදී රන් භාණ්ඩ දැමූ මුදල් පසුම්බියේ තිබූ රන් භාණ්ඩ රැගෙන පලා ගොස් තිබෙනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka