gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොඩි සාදුට අතවර කරලා, ලොකු සාදු පිටරට වැඩලා! වැඩේට සම්බන්ධ තවත් දෙකක් අත්අඩංගුවේ!

මීගහතැන්න, රත්මලේ ප්‍රදේශයේ විහාරස්ථානයක දස හැවිරිදි සාමනේර හිමි නමකට වසරක් තිස්සේ ලිංගික අපයෝජන සිදු කළ බව කියන විහාරාධිපති හිමි විදෙස්ගතව ඇති අතර සාමනේර හිමියන්ව අපයෝජනය කළ තවත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මීගහතැන්න පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න කුම්බදූව සහ කළුපහන ප්‍රදේශයේ පදිංචි 20 සහ 17 වියැති දෙදෙනකු බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය වසරේ (2023) ජනවාරි මස 24 දින එම විහාරස්ථානයේ දී මෙම සාමනේර හිමියන් මහණවී ඇති අතර මහණවු දා පටන්ම විහාරාධිපති හිමියන් සහ තරුණයන් දෙදෙනකු වරින් වර තමාට ලිංගික අපයෝජනය සිදු කළ බව සාමනේර හිමියෝ පසු ගිය (16)දා මීගහතැන්න පොලිසියට පැමිණිළි කර තිබෙනවා.

මහණදම් පිරූ දා සිටම විහාරාධිපති හිමියන් සහ මීගහතැන්න, කුම්බදූව ප්‍රදේශයේ තරුණයකු සහ මතුගම කළුපහන ප්‍රදේශයේ තවත් තරුණයකු තමාට ලිංගික අපයෝජන සිදුකළ බවත් ඒ පිළිබඳව දෙමාපියන්ට දැනුම් දුන්නොත් තමාව මරාදමන බවට තර්ජනය කළ බව ද සාමනේර හිමි මීගහතැන්න පොලීසියට පැමිණිළි කර ඇති බවයි වාර්තාවන්නේ.

සැකකාර විහාරාධිපති හිමියන් මේ වනවිට සිංගප්පූරුවේ සංචාරයක් සදහා සහභාගී වී සිටින බවත් දිවයිනට පැමිණි පසු ඉදිරි කටයුතු සිදුකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

සාමනේර හිමිනම වෛද්‍ය පරීක්ෂණ සදහා රෝහල් ගතකර ඇති බවයි වාර්තාවන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka