gossip lanka

සෞදියගේ මියගිය කතගේ දේහය කියා පිරිමි දේහයක් ලංකාවට එවලා!

සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී මිය ගිය බව කියන මෙරට කාන්තාවකගේ සිරුරක් සහිත සීල් තැබූ පෙට්ටියක් ඔවුන්ගේ නිවසට පසුගිය එකොළොස්වැනි දා ගෙනැවිත් තිබේ.

බකමූණ ඇලහැර ප්‍රදේශයේ පිහිටි දෙදරු මවක් මෙසේ එරටදී මරණයට පත්ව ඇත.

කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ සිදුකරන හේතු දැක්වීම පිළිගත නොහැකි බව මියගිය කාන්තාවගේ ඥාතීන් කියා සිටිති.

මළ සිරුර සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ඉදිරිපත් වී ඇති බවද පවසන ඥාතීන් දේහය ලංකාවට ගෙන ආවරණ අවස්ථාවේ එම ලිපි ලේඛන වල සඳහන් වන්නේ පිරිමි පුද්ගලයකුගේ දේහයක් බවට යයිද කියති.

එමෙන්ම එරට සිදුකළ හදිසි මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඇය මියගොස් ඇත්තේ ගෙල වැළඳාලාගෙන සිය දිවි හානිකර ගැනීමක් බවට ලිපි ලේඛන ද භාරදී ඇතැයි ඥාතීන් කියා සිටිති.

40 හැවිරදි දෙදරු මවක් වන ඇය 2022 දෙසැම්බර් 26 වෙනිදා මෙරටින් සෞදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබිණි.
gossip lanka