gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිර්දේශයක් නැතුව එහෙමත් බෙහෙත් ගන්න පුළුවන්ද..? මත්වෙන්න පෙති ගන්න බැරි නිසා කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා අලුත් වැඩක් පටන්ගෙන

මත්ද්‍රව්‍යවලට ලොල් වුණ බොහෝ පිරිසක් අපේ සමාජයේ ඉන්න බවට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ සිද්ධි නිසා.. 

මේ කියන්න යන්නේ ඖෂධවලින් මත් වෙන්න උත්සාහ කරන තරුණ පිරිස ගැන කතාවක්..

යුක්තියේ මෙහෙයුමට සමගාමීව රටපුරා ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබන මෙහෙයුම්වලට සමගාමීව හැටන් පොලිස් කොට්ඨාශයේ ප්‍රධාන නගරවල පිහිටි ඔසුසැල්වල ආරක්ෂාව තර කිරිමට වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් ඇතැම් ඔසුසැල්වලින් විවිධ රෝග සඳහා නිකුත් කරන මත් පෙති වර්ග භාවිතයට හුරු වි ඇති බව වාර්තා වෙනවා...

එවැනි ඖෂධ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ඔසුසැල්වලින් නිකුත් නොකරන නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් විවිධ උපක්‍රම භාවිතා කරමින් එම මත්පෙති මිල දී ගැනිමට තැත් කරන නිසා මෙම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල දියත් කර ඇති බවයි පොලිස් අධිකාරිවරයා සඳහන් කරන්නේ...

සෑම ඔසුසැලකම ආරක්ෂිත කැමරා පද්ධතියක් පවත්වාගෙන යාමටත් , සෑම ඔසුසැලක්ම රාත්‍රී කාලයේ වසා තිබෙන නිසා රාත්‍රි මුර සංචාරයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ අධික්ෂණයට ලක් කිරිමට පියවර ගෙන තිබෙනවා...

පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පවසන්නේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මත්වෙන ඖෂධ වර්ග කිසිවෙකුට අලෙවි නොකරන ලෙසට ඔසුසැල් හිමියන්ට උපදෙස් ලබා දී ඇති බවයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka