යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ තරුණයෙකු ලන්ඩනයේදී සිදු වූ පිහි ඇනුමකින් පෙරේදා ( 11) ජීවිතක්ෂයට පත්ව තිබේ.
එස්.වින්දන් නැමති වයස අවුරුදු 16 ක තරුණයා ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිට නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබේ.
මෙම තරුණයා විශ්ව විද්‍යායලය හමාර වී දුම්රියෙන් සිය නිවස බලා එමින් සිටියදී නිරිතදිග ලන්ඩනයේ ට්විකන්හැම් ප්‍රදේශයේදී දුම්රියක් තුළ මෙම පිහියා ඇනුම සිදුව ඇත.
වහාම ක්‍රියාත්මක වූ දුම්රිය මගීන් පිරිසක් සිසුවාට පිහියෙන් අනින ලද පුද්ගලයින් හතර දෙනෙකු අල්ලා ගෙන ආරක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව එම හතර දෙනාව ට්විකන්හැම් පොලිසිය බාරයට ගෙන තිබේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ලන්ඩනයේ ට්විකන්හැම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.