gossip lanka

"මේ කෙල්ල ඇයි මෙතන අඬන්නේ.. මොකද්ද මේ රණ්ඩුව.." සමකෝණී ත්‍රිකෝණයක කොල්ලන්න නැටවූ උසස් පෙළ පෙම්වතියට දෙනෝදාහක් ඉස්සරහා වැඩ වරදී..

ඇය තවමත් උසස් පෙළ කරන සිසුවියක්.. 

ඒත් මේ කරන කියන වැඩ ගැන ඇයට අවබෝධයක් නැහැ කියන්න බෑනේ...

කොහොම වුණත් අවසානයේ මේ වෙච්ච දේවල් නිසා ඇයට දැන් සමාජයට මුහුණ දෙන්න බැරි තත්වයක් උදා වෙලා.. කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙන මේ කතාව නිසා අවසානයේ වෙන්න්න ගිය මහා කරදරයක් අවසන් වුණේ මෙන්න මේ විදිහටයි.. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින මෙම සිසුවිය කෑගල්ල ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වා ගොස් තිබෙනවා.. ඇය මේ සියලු දේ කරලා තියෙන්නේ එකිනෙකාට හොර රහසේයි..
එක තරුණයෙක් යුද හමුදා සෙබළෙක්...

තව තරුණයෙක් කොළඹ සමාගමක කෑගල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රවර්ධනකරුවෙක්.. සෙසු තරුණයා විශ්වවිද්‍යාල සිසුවෙක්... සිසුවිය තරුණයන් තිදෙනාම වෙන වෙනම ඇසුරු කළේ එකිනෙකාට ඇගේ වෙනස වත් නොතේරෙන අයුරින්..කොහොම වුණත් ඇයත් නොහිතන මොහොතක මේ සිද්ධිය නිසා ඇයට විශාල කරදරයකට මුහුණ දෙන්න වෙනවා.. එහෙත් ඇයටත් සමහරවෙලාවට මේ සෙල්ලම පැටලිලා..

මීට මාසයකට පමණ ඉහතදී සිසුවිය යුද හමුදා පෙම්වතාට යැයි සිතා යැවූ කෙටි පණිවුඩයක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ දුරකතන අංකයට යැවුණේ අත් වැරදීමකින්... කෑගල්ල දිස්ත්‍රික්කයේ අලෙවි ප්‍රවර්ධන පෙම්වතාට යැවිය යුතු කෙටි පණිවුඩය ද යුද හමුදා පෙම්වතාගේ දුරකතනයට යවලාලු..

පසුව තරුණයන් තිදෙනාට වැටහී ඇත්තේ තම පෙම්වතියට තවත් පෙම්වතුන් කිහිපදෙනකු සිටින බවයි... ඒ බව මීට සති දෙකකට පමණ ඉහතදී තරුණයෝ තිදෙනා පෙම්වතියගෙන් ද විමසීමක් කළා... එහිදී සිසුවිය පෙම්වතුන් තිදෙනා එල්ල කර ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා..


ඉකුත් දිනක දී යුද හමුදා සෙබළා දින කිහිපයක් නිවාඩු ලබා නිවෙසට පැමිණ තිබුණා... විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද නිවෙසට පැමිණ සිටියේ දින කිහිපයක් ලැබුණු නිවාඩුවටයි... ගෙවල්වලට පැමිණ සිටි පෙම්වතුන් දෙදෙනාට එකම දිනක දී වේලාවන් දෙකක දී නගරයේදී එක් තැනක දී හමුවීමට තරුණිය වේලාවන් දෙකක් දුන්නා... ඒ දහවල් 12 ට යුද හමුදා පෙම්වතාට ද සවස 2.00ට විශ්වවිද්‍යාල පෙම්වතාටයි..

දහවල් 12 ට යුද හමුදා පෙම්වතාට වේලාව වෙන් කර තිබුණ ද ඔහු පැමිණියේ පැයක් පසු කර සවස 1.00ටයි... සවස 1.00 ට පැමිණි යුද හමුදා පෙම්වතා පෙම්වතියගේ දුරකතන අංකයට ඇමතුම් කිහිපයක් ගත්ත ද කිසිම ප්‍රතිචාරක් දක්වා නොමැති අතර, පසුව යුද හමුදා සෙබළා තරුණිය හමු වීමට හැකි බව කියා තිබුණු ගුරු පාර දිගේ ගමන් කරමින් සිටියදී පෙම්වතිය තරුණයකු සමග දොඩමළුවෙමින් සිටින අයුරු නෙත ගැටුණා..

හමුදා සෙබළා ඔවුන් දෙදෙනා අසලට ගිය අවස්ථාවේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හමුදා සෙබළාට තමුන් කවුද... ඇයි මෙතනට ආවේ... යැයි විමසුවා.. පසුව තරුණයන් දෙදෙනා අතර ඇතිවීයේ උණුසුම් වචන හුවමාරුවකි... තරුණයන් දෙදෙනා බේරීමට තරුණිය කෑ ගසමින් මැදට පැන්නා..

අසල පිහිටි වෙළෙඳසල් කිහිපයක සිටි තරුණ පිරිසක් ද එතැනට රොක් වුණා... මේ අපේ අලෙවි ප්‍රවර්ධන කොල්ලාගේ කෙල්ල නේද මේ අඬ අඬ ඉන්නේ...? යැයි තරුණ වෙළෙන්දෙක් අලෙවි ප්‍රවර්ධන තරුණයාට සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන ඇමතුමක් දුන්නා..
පසුව අලෙවි ප්‍රවර්ධන තරුණයා ද පැමිණ තිදෙනා අතර වචන හුවමාරුව පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා දික් ගැසුණා.. තරුණිය හෙමින් සැරේ එතනින් මාරු වී ගියා‍... පසුව තරුණයෝ තිදෙනා සන්සුන් වී සිදු වූ ගැටලු‍ව සම්බන්ධයෙන් එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගත්තා.. එහිදී ඔවුන් තිදෙනාට වැටහී ඇත්තේ තරුණිය හොර රහසේ තිදෙනාටම පෙම් කර ඇති බවයි.. කරුණු වටහාගෙන ඇති තරුණයෝ තිදෙනා පසුව අතට අත දී යළි දවසක හමු වෙමු යැයි පවසා පිටව ගියා...
gossip lanka