gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින හදවතේ ගායකයා, චාමර වීරසිංහ ගැන හදිසියේම රෝහලෙන් ලැබුණු ආරංචිය

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ප්‍රසිද්ධ ගායන ශිල්පී චාමර වීරසිංහ මේ වන විට ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.

ඔහු මේ වන විට තවමත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙයි. එමෙන්ම මේ වන විටත් රෝහල්ගතව සිටින චාමර ගේ නවතම තත්ත්වය පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න සිය මුහුණු පොතට සටහනක් තිබුණෙ පහත් අයුරින්, ‍

උපුටා ගැනීම

"ආදරණීය චාලි . අදට හරියට ම මාසයක් කලුබෝවිල දැඩි සත්කාර ඒකකයේ. ගෙවී ගිය දවස් තිහේම මේ රටේ මිනිස්සු චාලිට ආශීර්වාද කලා.

චාලි ගේ සහෝදරයො ටික සහෝදරියො ටික හැමෝම එක වගේ චාලි වෙනුවෙන් වෙහෙසුනා උනන්දු උනා. දුරකථනයෙන් කතා කරල බොහෝ රසික පිරිසක් චාලී ගැන හොයල බැලුව.

වෙන රටකට ගිහිල්ලා හරි බෙහෙත් කරමු අපි වියදම් කරන්නම් කියල පුද්ගලිකව කතා කරපු නන්නාදුනන මිනිස්සු හිටියා.

මේ දවස් තිහේම නොකඩවා උදේ දවල් හවස චාලි ගෙ බිරිද කලුබෝවිල රෝහලට ආවා. ඇය සමහර දවස් වල රෝහලෙන් එළියට ආවේ බොහෝම කැලබීමෙන් .

චාලී ගැන උනන්දුවක් නොතිබුණු යාලුවෙක් නැති තරම්. රටේ හැමෝම චාලි ගැන හොයල බැලුව. ඒත් මාසයක් ගතවෙන අද ඇත්තටම යම් සැනසීමක් තියන දවසක්.

අද චාලි බලන්න ගියා. ඒ වෙලාවෙ නින්ද ගිහින්. විනාඩ් දෙක තුනකින් ඇස් අරිද්දි මාව දැකපු චාලි හඩක් නැතුව තොල් අතරින් නිරෝ කියල අතින් අල්ලා ගත්තා.

රටේ හැම තැනම මිනිස්සු ඔයා බලාගෙන ඉන්නවා. හෙමිහිට නැගිටිමු කියද්දි උබේ ඇස් දෙපැත්තෙන් එච්චර කදුළු එනවා මම කවදාවත් දැකලා නෑ මිත්‍රයා .

තව දවස් කීපයකින් දැඩි සත්කාර ඒකකයෙන් චාලී එලියට එයි . ඒත් රෝහලේ තව යම් කාලයක් ඉන්න වෙයි.

චාලී වෙනුවෙන් වෙහෙසෙන කලුබෝවිල රෝහලේ සියලුම දෙනාට ගොඩාක් පිං .

හොයා බලපු ආදරේ කරපු ආදර්ණීය උතුම් මිනිසුනි ඔබටත් බොහෝම පිං. චාලී ආයෙමත් අපි ඉස්සරහ සින්දු කියන දවසක් එන තෙක් අපි වෙනදා වගේම චාලි ට ආශීර්වාද කරමින් බලා සිටිමු. බුදුසරනයි , දෙවි පිහිටයි චාලී…"



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka