gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමෙරිකානු නැවකට ආයෙමත් හූති ප්‍රහාරයක්! මේ පාර ගහලා තියෙන්නේ ඩ්‍රෝනවලින්!

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.

අමෙරිකානු හමුදාව පැවසුවේ, හූති කැරළිකරුවන් එල්ල කරන ලද ඩ්‍රෝන යානයක් නෞකාවේ ගැටුණු නමුත් නෞකාවට බරපතළ හානියක් සිදුව නොමැති බවයි.

හූති කැරලිකරුවන් “ගෝලීය ත්‍රස්තවාදීන්” ලෙස නම් කර ඇති බව අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ප්‍රකාශ කළේ ය.

ඒ, රතු මුහුදේ නෞකාවලට හූති කැරළිකරුවන් එල්ල කරන ප්‍රහාර හේතුවෙනි.

හූති කැරළිකරුවන් රතු මුහුද හරහා ගමන් ගන්නා නෞකාවලට පරදීම ආරම්භ කළේ, හමාස් සංවිධානයට සහාය පළ කරමිනි.

ඊශ්‍රායලය වහා ගාසා තීරයෙන් ඉවත් විය යුතු බවත් හමාස් සහ පලස්තීන ඉලක්ක වෙත පහරදීම වහා නවතා දැමිය යුතු බවත් හූති කැරළිකරුවන් ප්‍රකාශ කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka