gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පරණ තැබෑරුමට අමතරව අලුත් තැබෑරුමට අවසර දුන්නැයි පන්සලේ හිමිවරුන්ට සහ පොලිසියට පහරදෙයි

වැල්ලව නගරයේ තවත් අරක්කු තැබෑරුමක් දැමීමට මුදල් ගෙන අවසර දුන්නැයි කෝප වූ දායක පිරිසක් පහරදීමෙන් පස්දෙනකු රෝහල්ගත කර තිබේ.

වැල්ලව නගරයට තවත් මත්පැන්හලක් විවෘත කිරීමට වැල්ලව පන්සලේ හිමියන් මුදල් ගෙන අවසරය දුන්නැයි එරෙහි වූ දායක පිරිසක් පෙරේදා (02 දා) රාත්‍රියේ ඒ බව විමසීමට විහාරයට ගොස් ඇත. එම අවස්ථාවේ සිදු වූ බහින්බස්වීම දුරදිග ගොස් දායකයන් පන්සලේ වැඩ වාසය කරන හිමිවරුන්ට පහර දී ඇත.

එම අවස්ථාවේ අසල්වාසීන් පොලිසියට පැමිණිලි කර ඇති අතර හිමිවරුන් බේරාගැනීමට මැදිහත් වූ පොලිසියට ද ඔවුන් පහර දී ඇත. මෙයින් පහරකෑමට ලක් වූ හිමිවරුන් දෙනමක් වැල්ලව රෝහලේ ද තුවාලලත් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සහ සැකකරුවකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ද මේ වන විට ප්‍රතිකාර ලබති.

වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලව පොලිසිය සිදු කරයි.

අර්වින් රෝයි සිල්වා – වැල්ලව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka