gossip lanka

වසර 04ක් ඇතුළත ගැහැනු දරුවන් 5,000ක් සිය කැමැත්තෙන් දූෂණය වෙලා : සමීක්ෂණයකින් හෙළිවේ!

අවුරුදු 04ක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 5,000කට වැඩි පිරිසක් තම කැමැත්ත මත දූෂණයට ලක්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ අනාවරණය කරන ආකාරයට 2018 වසරේ සිට 2021 වසර දක්වා දිවයින පුරා පිහිටි අවුරුදු 16ට අඩු දැරියන් දූෂණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 6307ක් ලැබී ඇති අතර ඉන් 5055ක් දූෂණයට ලක්ව ඇත්තේ ඔවුන්ගේ කැමැත්ත මතය.

මහනුවර පොලිස් වසමේ පොලිස් බල ප්‍රදේශ 17 ක වයස අවුරුදු 16 ට අඩු දැරියන් 132 දෙනෙකු පසුගිය වසර තුනක කාලය තුළ දූෂණයට ලක්ව ඇති බවත් ඔවුන්ගෙන් බහුතරයක් ඔවුනේ කැමැත්තෙන් දූෂණය කර ඇති බවත් වෛද්‍ය සුබසිංහ පවසයි.

අදාළ කාල සීමාවේදී බලහත්කාරයෙන් දූෂණයට ලක්ව ඇත්තේ ගැහැණු ළමුන් 15 දෙනකු පමණක් බවද ඔහු පවසයි.
gossip lanka