gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“සිවුර මගේ යුනිෆෝම් එක… මට උඹලාගේ දානේ එපා” – බුකිය ඇවිලුව රැප් සාදුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද?

පසුගිය දින කිහිපයේදීම එක්තරා හිමිනමකගේ වීඩියෝ පට පෙළක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා ඔබත් දකින්න ඇති.

බොහෝ දෙනෙකුට නැගුන පැනය වුණේ ඒ පුද්ගලයා ඇත්තටම හිමි නමක්ද යන වගයි.

බොහෝ දෙනෙක් මේ වීඩියෝ නරඹන බවක්ද අපිට දකින්න හැකි වුණා.

පසුගිය දවසක එම හිමිනම කියා ගන්නා පුද්ගලයා එක්තරා පුද්ගලයෙක් වීඩියෝවක් අතරතුරදී අහපු ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දී තිබෙනවා.

ප්‍රශ්නය – ඔබවහන්සේ හාමුදුරු නමක්ද? සාමාන්‍ය මනුස්සයෙක්ද?

පිළිතුර – මම සාමාන්‍ය මනුස්සයෙක්. ගිහි පැවිදි දෙකටම අයිති නෑ.

ප්‍රශ්නය – ඇයි සිවුරක් පළඳින්නේ?

පිළිතුර – මේක මගේ ඇඳුම. මේක මගේ යුනිෆෝම් එක.

ප්‍රශ්නය – ඇත්තටම ඇයි මේ විදිහ‌ට හැසිරෙන්නෙ?

පිළිතුර – මෙහෙමනේ. ඔයාට මේක සිවුර වුණාට මට මේක සාමාන්‍ය ඇඳුමක්. ඔය ටික්ටොක් එකේ නමින් කතා කරන්නකෝ….

ප්‍රශ්නය – කරාබුවක් දාගෙන, ලැප් එකකුත් අරගෙන, චිල් එකේ ඉන්නවා දැක්කා එක වීඩියෝ එකක…

පිළිතුර – මම එහෙමත් ඉන්නවා, මට හිතුණාම.

ප්‍රශ්නය – එහෙමත් ඉන්නවා? දානෙත් වළඳනවා?

පිළිතුර – නෑ නෑ…. දානේ ගන් නෑ මම කාගෙන්වත්. මම උයන් කන්නෙ. උඹලගෙන් බත් කන් නැත්තේ ඔය ප්‍රශ්නේ හින්ද ම තමයි. ඔයාලා ඔයාලගේ කට්ටියට දානේ දෙන්න. මට ඔිනි නෑ….. මම කිසිම දේකට හානියක් කරන් නෑ. කවුරුහරි කමක් නෑ. මම කරන එක වැරදියි කියලා ඔප්පු කරන්න ඔින. ඒක සංඝ අධිකරණයක වෙන්න පුළුවන්…
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka