gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ගෑනිව ගෙදර තියලා වෙන ගෑනූ එක්ක යනවට වඩා හොඳයි..' - මේනකා මධුවන්ති දික්කසාද වුණාද? බ්‍රේකප් වුණාද? මෙන්න උත්තර

'මේනකා මධුවන්ති' කියන්නෙ එදා පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු 'ආදරණීය' රංගන ශිල්පිනියක්.

කාගෙත් 'සිත් ගත්' ඈ හිටි හැටියේම ක්ෂේත්‍රයෙන් 'අස්ථානගත' වෙනවා.

ඈ 'විවාහ වෙලා හිටියාය, දික්කසාද වුණාය' කියලා 'කයිකතන්දර' පැතිර ගියා වුණත්, ඇත්තටම ඈ විදෙස්ගත වෙන්නෙ 'ප්‍රේමය' බිඳ වැටීම නිසයි. (මේ ප්‍රේමයේ තතු කවුරුත් දැන හිටියා..)

'ඩුබායි' රාජ්‍යයේ කාලයක් තිස්සෙ පදිංචිව ඉන්න ඈ මෑතක ලංකාවටත් ආවා.

මේ ඇය ඊයේ පෙරේදා දවසක 'යූටියුබ්' නාලිකාවක් හා එක්වෙමින් පළ කෙරූ අදහස්...

'මැරි කරන් නැහැ කියන තැන නැහැ. හැබැයි එෆෙයා එක බ්‍රේකප් එක වුණු කාලේ දී ගොඩක් මම හිතුවේ මම තමයි වැඩිපුරම දුක්වින්ඳ කෙනා කියලා. මට ඩිප්‍රෙශන් හැදුනා. මගේ යාලුවෝ මට උදවු කළා. එහෙම යාලුවෝ හම්බුණු නිසා තමයි මම රට ගිහින් මේ තත්ත්වයෙන් ඉන්නෙ.... තව පොඩ්ඩෙන් මමත් ඉන්නෙ අර සියදිවි නසාගත්ත ගොඩේ තමා....'

'ආදරේ දී ඔය වගේ ප්‍රශ්න තමයි වෙන්නෙ. හෝද හෝද මඩේ දාන්න ඔිනි නෑනේ ඒ දේවල්‍...'

'මම ගොසිප් හැදෙනවාට කැමතිම නෑ. සෝශල් මීඩියා වල වැඩිය ඉන්නෙත් නැත්තේ මොකද මට බයයි...'

ආර්ටිස්ලා විතරක් නෙවෙයි ඩිවෝස් වෙන්නෙ. සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් ඩිවෝස් වෙනවද? ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් ඇයි අනේ බලන් ඉන්න අය ප්‍රශ්නයක් කරගන්නෙ. ඉතින් අනුන්ගේ ජීවිත ගැන හිතන්න එපා.... දෙයියනේ ගෑනිව ගෙදර තියලා වෙන ගෑනූ එක්ක යනවට වඩා, පිරිමියා වැඩට ගියාම වෙන අය එක්ක චැට් කරන් නැතුව වෙන කෙනෙක් හොයාගත්තා නම් ඉවරයිනේ...'

'මගේ සම්බන්ධයට අම්මාත් විරුද්ධ වුණා. සමහර විට එයාට අපිට නැති සෙන්ස් එකක් තියනවනේ...මම ඇත්තටම එදා මැරි කළා නම් මාත් ඉන්නෙ ඩිවෝස් ඝනයේ. ගොඩක් අය හිතන් හිටියේ මම මැරි කරලා ඩිවෝස් වෙලා කියලනේ...'

'අපි ගෑනූ අය හිතනවා, පිරිමි තමයි වංක කියලා. මම කියන්නෙ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර පිරිමින්ගේ ඒක හදන්න බෑ... මම මුලින් යාලුවෙලා හිටපු කෙනා එක්ක දාපු ෆොටෝ එකට කෙනෙක් දාලා තිබුණා, අනේ එයා හරිම කියුට් කෙනෙක්නේ කියලා. මම කියන්නෙ ඒ කොහොම ද එහෙම කියන්නෙ. මට හිතාගන්න බෑ....'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka