gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චමරිට වූ දේ මටත් හිතාගන්න බැහැ - මහේල

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීගයේ පළමු වෙන්දේසියේදී සුපිරි පිතිකාරිණිය චමරි අතපත්තුව කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම තමන්ටද පැනයක් නමුත් පැවැති තත්ත්වය අනුව එය කිසිසේත් තමන්ගේ බලපෑමකින් වෙනස් කළ හැකි දෙයක් නොවී යැයි 'අරුණ' කළ විමසීමකදී මහේල ජයවර්ධන පැවසීය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ, දක්ෂතා පිළිබඳ ගෝලීය ප්‍රධානී ලෙසින් කටයුතු කරන මහේලද මෙම වෙන්දේසියට සහභාගී වූ අතර එසේ ඔහුද එහි සිටියදී චමරි හට ලංසුවක් හෝ ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් දේශීය ක්‍රිකට් ලෝලීන් සමහරෙක් ඔහු පිළිබඳව අප්‍රසාදයෙන් යුතුව සමාජ මාධ්‍ය ආදියෙහි අදහස් දක්වා තිබිණි.

'කව්රු හරි ඒ ගැන දොස් කියනවා නම් ඒ මෙම තෝරාගැනීමේ පසුබිම ගැන නොදන්නා කෙනෙක්. මෙම වෙන්දේසියට කණ්ඩායම් යොමුවෙන්නේ තමන්ගේ කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් එතැනින් තෝරාගන්න නොවෙයි. තමන්ගේ කණ්ඩායම කල් ඇතිව නම් වශයෙන් සැලසුම් කරගෙන, අවශ්‍ය ඉඩපාඩු පුරවාගැනීමටයි වෙන්දේසියට යොමුවෙන්නේ. චමරි කණ්ඩායමට ඇතුළත් වෙන්නේ ආරම්භක පිතිකාරිණියක් හැටියට. ඒ වන විටත් මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් සඳහා ඇබෑර්තුවක් තිබුණේ නැහැ. අපි එතැනට ආවේ වේගපන්දු යවන්නියකගේ අවශ්‍යතාව සපුරගන්න. ආරම්භක පිතිකාරිණියක අවශ්‍ය වූ තවත් කණ්ඩායම් තුනක් එතැන හිටියා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් ඇයව ගත්තේ නැහැ. ඇත්තටම මටත් පුදුමයි ඒ ගැන. මොකද මෙම වෙන්දේසියට කලින් විශේෂඥ විචාරකයෝ චමරිව මෙම වෙන්දේසියට ඉදිරිපත්වෙන ඉහළම තුන්දෙනා අතර තබා තිබුණා''කොටින්ම මෙය මම පිළිතුරු දිය යුතු හෝ අදහස් දැක්විය යුතු කරුණකුත් නෙමෙයි. මොකද මෙම තරගාවලියේ මගෙ භූමිකාවේ හැටියට මෙය කිසිසේත් මට අදාළ වන තත්ත්වයක සිදූවූ සිදුවීමක් නොවෙයි'

' ඒ වෙන්දේසියේ හිටපු එකම ලාංකිකයා මම. නමුත් කණ්ඩායමක් තෝරාගැනීම මගේ හෝ තවත් තනි පුද්ගලයෙක්ගේ තනි තීරණයක් නෙමෙයි. මේක සාමුහික කටයුත්තක්. කවුරු හරි කියනවා නම් කණ්ඩායමක් ලෙසින් ගන්න තීන්දු තීරණ වගේම සියලු සැලසුම් පසෙක දමලා, ශ්‍රී ලාංකිකයෙක් ලෙසින් අපට තවත් ලාංකිකයෙක් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් කියලා, ඒක මේ ක්‍රිකට් පසුබිම ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් කියන කතාවක්. මේ පසුබිම දන්න කෙනෙක් කවදාවත් එවැනි චෝදනාවක් කරන්නේ නැහැ' යනුවෙන් මහේල වැඩිදුරටත් පවසා සිටියේය.

චමරි‍ අතපත්තු හට කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ලංසුවක් නොලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රිකට් ප්‍රේමීන් සමහරෙක් විසින් කුමාර සංගක්කාර වෙතද චෝදනා කර තිබූ මේ සම්බන්ධයෙන් 'අරුණ' විසින් සංගක්කාර වෙතින් විමසනු ලදුව 'මේ කියන තරගාවලියේ මම නියෝජනය කරන කණ්ඩායමක් ඇත්තෙවත් නැහැ. මට මේ සම්බන්ධයෙන් කිසිම යෙදීමක් නැහැ. එනිසා මෙය මට කිසිසේත් අදාළ කරුණක් නෙමෙයි. කව්රුන් හෝ මාව මෙයට ඈඳාගෙන එවැනි චෝදනාවක් කරනවා නම් ඒක නොදැනුවත්භාවය නිසාම වෙන්න පුළුවන්'' යනුවෙන් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka