gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මද්‍රසා පාසලේ දරුවාගේ මරණය අභිරහසක්! ගම්මු ස්ථානය වටලති!

අම්පාර සයින්දමරදු කුර්ආන් මද්‍රසා පාසලේ වැසිකිළියක 13 හැවිරිදි දරුවකු අභිරහස් අන්දමින් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

පෙරේදා 05 වැනිදා රාත්‍රී මෙසේ මරුමුවට පත්ව ඇත්තේ සයින්දමරදු ප්‍රදේශයේ පදිංචි එම්. එස්. මුසාබ් නමැති පිරිමි දරුවෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මද්‍රසා පාසලේ පාලක මවුලවිවරයා සයින්දමරදු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවාගේ අභිරහස් මරණයෙන් පසුව කෝපයට පත්වූ ඔහුගේ සිය ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් මද්‍රසා පාසල වට කරගෙන ඊට දැඩි විරෝධය පළ කිරීම නිසා පෙරේදා රාත්‍රීයේ සයින්දමරදු ප්‍රදේශය උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබිණි.

සයින්දමරදු මද්‍රසා පාසලේ අධ්‍යාපනය ලැබීමට පැමිණි දරුවා පෙරේදා සවස නිවසට නොපැමිණි නිසා ඔහුගේ පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් දරුවා සෙවීමට කටයුතු කර ඇත.

එහිදී එම දරුවා පාසලේ තුන්මහල් ගොඩනැඟිල්ක පිහිටි වැසිකිළියක ගෙල වැලලාගෙන සිටිය දී හමුවී තිබේ.

පසුව පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් වහාම එම දරුවා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම මද්‍රසා පාසලේ පාලකවරයාට සහ එම පාසලට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධ පැමිණිලි සයින්දමරදු පොලිසිය වෙත ලැබී තිබිණි.

දරුවාගේ අභිරහස් මරණය පිළිබඳව කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් මද්‍රසා පාසල වටකගෙන ඊට විරෝධය පළ කරමින් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කර තිබේ.

ඒ අවස්ථාවේ එහි පැමිණි පොලිසිය විරෝධතාකරුවන්ට ඇති වී තිබෙන තත්ත්වය පැහැදිලි කර දී ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කර තිබිණි.

මියගිය දරුවාට සාධාරණයක් කරන බවට පොලිසිය පොරොන්දු වීම නිසා රැස්ව සිටි පිරිස විසිර යෑමට කටයුතු කළහ.

මෙම දරුවාගේ අභිරහස් මරණය ඝාතනයක් ද එසේත් නැත්නම් සියදිවි හානි කර ගැනීමක් ද යන්න මෙතෙක් හෙළි වී නැත. දරවාගේ මරණ පරීක්ෂණය ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබිණි. සයින්දමරදු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, ටී. එල්. ජව්ෆර්කාන්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka